31 C
Colombo
Monday, July 6, 2020
මුල් පිටුව ක්‍රීඩා අවුරුදු 09 ක් නිදාගෙනද හිටියේ.? අරවින්ද මහින්දානන්දගෙන් අසයි

2011 ලෝක කුසලාන අවසන් තරගයේදී මුදලට තරග පාවාදීමක් සිදු වූයේ නම් එවකට ක්‍රීඩා ඇමතිවරයා වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ වනතෙක් ඒ බව සඟවාගෙන සිටියේ ඇයිදැයි හිටපු ක්‍රිකට් ක්‍රීඩක, තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා පවසයි. විවාදයට තුඩු දී ඇති මෙම තරගාවලිය සඳහා තෝරා ගැනීම් සිදු කළේද අරවින්ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුක්ත තේරීම් කමිටුව මගිනි.

අලුත්ගමගේ මහතා පවසන්නේ මෙම පාවාදීමට ක්‍රීඩකයන් සම්බන්ධ නොමැති බවයි. අවසන් තරගයේදී ක්‍රීඩකයන් සිව් දෙනෙකු එකවරම වෙනස් වූයේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලුවහොත් සිදුවූයේ කුමක්ද, පාවාදීම්වලට සම්බන්ධ කවුද යන්න පිළිබඳව තොරතුරු එළියට පැමිණෙනු ඇති බවද අලුත්ගමගේ මහතා පවසයි.

හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා පවසන්නේ ක්‍රීඩකයන් සිව් දෙනෙකු වෙනස් නොවූ බවයි. ඇන්ජලෝ මැතිව්ස් ආබාධයට ලක්වීම හේතුවෙන් ඔහුගේ ස්ථානය පමණක් වෙනස් කිරීමට සිදු වූ බවත්, එයද නිසි ක්‍රමවේද සියල්ලක්ම අනුගමනය කරමින් සිදුකළ බවත් ඔහු අවධාරණය කරයි.

එවකට ක්‍රීඩා ඇමතිවරයා වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන පරිදි පාවාදීමක් සිදු වී ඇත්නම් වසර 09 ක් තිස්සේ ඔහු එය සඟවාගෙන සිටීමම ගැටලුවක් බවයි අරවින්ද සිල්වා මහතා පවසන්නේ. ඇමතිවරයා මේ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර ඇතැයි පැවසුවද මේ දක්වා එම ආයතනය විමර්ශනයක් පවත්වා නොමැති බව ද සිල්වා මහතා පවසයි. අවම තරමින් ඒ සම්බන්ධයෙන් මෙතෙක් තමන්ගෙන් විමසීමක් හෝ සිදුකර නොමැති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඇමතිවරයාගේ ප්‍රකාශය ඉතා බරපතල ප්‍රකාශයක් වන හෙයින් ඒ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙන්ම ඉන්දියානු ක්‍රිකට් ආයතනයද වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට එවකට තේරීම් කමිටු සභාපතිවරයා ලෙස තමන් සූදානම් බව ද සිල්වා මහතා අවධාරණය කරයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

සුනිල් ජයවර්ධන ඝාතකයන් යළි රිමාන්ඩ්

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත්...

මේක රටට සේවයක් කරන්න බැරි දුර්වල රජයක්

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඉල්ලුම්කරන සියලුදෙනාට සියයට 4ක ණයක් ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්...

දෙමළ ජනතාවගේ සැබෑ නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් – මම හැමදාම ඒක කියනවා. පුළුවන් දෙයක් කරන්න

දිගින් දිගටම වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැන උදම් අනන උතුරේ දේශපාලන චරිතය පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේදීද එය ඒ ආකාරයෙන්ම සිදු කරගෙන යන බව දක්නට...

කුසල්ගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැර තිඛේ. ඒ ලක්ෂ...

පාඨක අදහස්