31 C
Colombo
Friday, July 10, 2020
මුල් පිටුව විදෙස් පුවත් ඔස්ට්‍රේලියා මහාධිකරණ විනිසුරෙකුගෙන් කාර්ය මණ්ඩල සාමාජිකාවන් හයකට ලිංගික අතවර

ඔස්ට්‍රේලියාවේ හිටපු මහාධිකරණ විනිශ්චයකාරවරයකු තම කාර්යය මණ්ඩල සාමාජිකාවන් හයදෙනෙකුට ලිංගික හිංසන සිදුකර ඇති බව අනාවරණය වී තිබේ. මේ බැව් අනාවරණය වූයේ එරට ස්වාධීන පරීක්ෂණ කොමිසමක් සිදු කළ විමර්ශනයකිනි. කාන්තාවන් හයදෙනෙකුට ලිංගික හිංසන සිදුකළේ යැයි චෝදනා එල්ල වී තිබෙන්නේ මහාධිකරණයේ හිටපු විනිශ්චයකාරවරයකු වූ ඩයිසන් හේඩන්ටය.

මහාධිකරණ විනිශ්චයකාරවරයකු හැටියට ඔහු සේවය ආරම්භ කර තිබෙන්නේ 2003 වසරේදීය. 2013 වසරේදී හෙතෙම සේවයෙන් විශ්‍රාම ගොස් ඇත. මහාධිකරණ විනිශ්චයකාරවරයකු හැටියට සේවය කළ සමයේදී ඔහු රටේ ඉතා බලවත් පුද්ගලයකු විණ. කාන්තාවන්ට හිංසන කිරීමේදී ඔහු තම බලයද අයථා ලෙස යොදාගෙන ඇත. මේ නිසා හිංසනයට පත් අයවලුන් තමන්ට සිදු වූ අසාධාරණය නීතිය ඉදිරියට රැගෙන ඒමට බලවත් මැළිකමක් දක්වා ඇත. ඩයිසන් හේඩන් කාන්තාවන්ට ලිංගික හිංසන සිදුකළ බව සනාථ වීමෙන් පසු ඔස්ට්‍රේලියාවේ මහාධිකරණය එම අගතියට පත් කාන්තාවන්ගෙන් සමාව ඉල්ලා තිබේ. කෙසේ වුවත්, හිටපු විනිශ්චයකාරවරයා වෙනුවෙන් පෙනී සිටි නීති නිලධාරීහු තම සේවාදායකයාට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරති.

හිටපු විනිශ්චයකාරවරයාගේ ක්‍රියාවන් සැබෑ හා භයානක ප්‍රතිවිපාක ගෙන දුන් බව ඔහුගේ සහායිකාවක වූ රේචල් පැටසර්සන් කොලින්ස් මාධ්‍යට පවසා තිබිණි. සංස්කෘතිය ඉහළ සිට පහළටම කැඩී ඇති නිසා තමන් නීති ක්ෂේත්‍රයෙන් ඉවත් වූ බව ඩයිසන් හේඩන්ගේ හිටපු සහකාරියක වන චෙල්සි ටබාර්ට් පවසන්නීය. හේඩන් වැනි බලවත් පුද්ගලයන්ගේ ක්‍රියාකලාප හේතුවෙන් තමන්ට ආරක්ෂාවක් නොලැබෙන බව ඇගේ ප්‍රකාශයෙන් සනාථ වේ. මේ අතර ඔස්ට්‍රේලියාවේ අග්‍රවිනිශ්චයකාර කී ෆෙල් සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාධ්‍යයට පවසා තිබුණේ ඔස්ට්‍රේලියා මහාධිකරණය තුළදී මෙවැන්නක් සිදුවීම සම්බන්ධයෙන් ලජ්ජාවට පත්විය යුතු බවයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

නාත්තණ්ඩියට ආ උපදේශිකාවට කොවිඩ් නිසා බස්වල ගිය මිනිස්සු සොයා මෙහෙයුම්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ඊයේ (09දා) කොවිඩ් ආසාදිතයන් 56ක් හමුවීමත් සමග එම මධ්‍යස්ථානය ජංගම රෝහලක් බවට පත් කිරීමට පියවර...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රි ලාංකිකයන් 278 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබේ. අද (10) අලුයම...

ඉන්දියානු පිළිකා එන්නත මිලදී ගන්න පවිත්‍රා සූදානම් වෙයි

පිළිකා රෝගීන් සඳහා ලබා දෙන ඖෂධ එන්නත් කුප්පි දෙළොස් දහස් පන්සියයක් ඉන්දියානු සමාගමකින් මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ඉදිරිපත් කළ...

නිරෝධායන කාලයේ නොගෙවූ ණය වලට ජනතාවගෙන් අමතර පොළියක් අය කරන්න අනුමැතිය

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රජය ලබාදුන් සහන කාලයේදී ගනුදෙනුකරුවන් නොගෙ වූ ණය වාරික වෙනුවෙන් සියයට හතක උපරිමයකට යටත්ව අතිරේක පොලියක් අයකර ගැනීමට...

පාඨක අදහස්