31 C
Colombo
Monday, July 6, 2020
මුල් පිටුව ආර්ථික සැහැල්ලු දුම්රිය චීන ණය උගුලට ඇද දැමීමේ කුමන්ත්‍රණයක්

කොළඹ නගරය ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කිසිසේත්ම නතර නොකරන බවත් ජයිකා ආයතනය සමඟ පැවති ගිවිසුමෙන් වෙනස් ලෙස වෙනත් පාර්ශ්ව එක්කර ගනිමින් එය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම මහතා ඊයේ (24) ප්‍රකාශ කළේය.

මෙතෙක් ජයිකා ආයතනයත් සමඟ පැවති ගිවිසුම අනුව මීට ලංසු කැඳවීම කළයුතු වන්නේ ජපන් කොන්ත්‍රාත්කරුවන් සහ නිෂ්පාදකයින් අතරින් පමණක් නිසා එයින් බැහැරව ජාත්‍යන්තරව පිළිගත් ඕනෑම කොන්ත්‍රාත්කරුවකට සහභාගී විය හැකි ප්‍රසම්පාදන යාන්ත්‍රණයකින් තරගකාරී මිල ගණන් කැඳවීමක් සිදුකෙරෙන බවයි ඒ මහතා එහිදී සදහන් කළේ.

ජපානයේ ජයිකා ආයතනය දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ආධාර සැපයූ අතර ඔවුන් ඉතා අඩු පොලියක් අය කරන නමුත් මූල්‍ය විනිවිදභාවය සම්බන්ධයෙන් දැඩි කොන්දේසි පනවන ආයතනයකි. අල්ලස් හෝ දූෂණ පිටුදැකීම එම කොන්දේසිවල අරමුණ වේ. මේ හේතුව නිසාම අපේ රටේ ඇතැම් බලධාරීන්ට සහ නිලධාරීන්ට ජයිකා ආයතනය වහකදුරු වී තිබේ.

ඔවුන් ඊට වඩා කැමැත්ත දක්වන්නේ වැඩි පොලියට හෝ හිතේ හැටියට දූෂණයෙහි නියැළිය හැකි පාර්ශ්ව වෙතින් ණය ආධාර ලබාගැනීමටය. චීනය ඒ වෙනුවෙන් ඇති සුපිරිම විකල්පය බව ප්‍රකට කරුණකි.

එහෙයින් ශ්‍රී ලංකාවේ අපට ඇති අත්දැකීම් අනුව රාජපක්ෂ රජය මේ සූදානම් වන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 02ක පමණ වටිනාකමින් යුත් මේ ව්‍යාපෘතිය සඳහාත් “තරගකාරී මිල ගණන්” යටතේ චීන ණය ලබාගෙන ව්‍යාපෘතිය චීනයට පවරා දීමටද යන සාධාරණ සැකය මතුවේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

සුනිල් ජයවර්ධන ඝාතකයන් යළි රිමාන්ඩ්

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත්...

මේක රටට සේවයක් කරන්න බැරි දුර්වල රජයක්

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඉල්ලුම්කරන සියලුදෙනාට සියයට 4ක ණයක් ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්...

දෙමළ ජනතාවගේ සැබෑ නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් – මම හැමදාම ඒක කියනවා. පුළුවන් දෙයක් කරන්න

දිගින් දිගටම වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැන උදම් අනන උතුරේ දේශපාලන චරිතය පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේදීද එය ඒ ආකාරයෙන්ම සිදු කරගෙන යන බව දක්නට...

කුසල්ගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැර තිඛේ. ඒ ලක්ෂ...

පාඨක අදහස්