31 C
Colombo
Saturday, August 15, 2020
මුල් පිටුව ගොසිප් අවුරුදු 17ක් වෙනත් කතක් සමඟ ජීවත් වූ පුද්ගලයා නිරෝධායන සහතිකය නොමැති වීම...

අවුරුදු 17ක් වෙනත් කතක් සමඟ ජීවත් වූ පුද්ගලයා නිරෝධායන සහතිකය නොමැති වීම නිසා මාට්ටු වෙයි

ක්වේට් රටේ සිටි බව පවසමින් 17 වසරකට පසු නිවසට පැමිණි සැමියගෙන් ඔහු නිරෝධායනය වූ බවට ලබා දෙන සහතිකය බිරිඳ විසින් ඉල්ලා සිටි පුවතක් කටුගස්තොට පොලිස් වසමෙන් වාර්තා වේ.

විවාහ වී බිරිඳ හා දරුවන් දෙදෙනා සමග තම නිවසේ විසූ සැමියා විදේශ රැකියාවක් සඳහා කටාර් බලා පිටත්ව ගොස් තිබේ. කටාර් හි වසර දෙකක් පමණ සේවය කළ මොහු ඉන්පසු නිවසට පැමිණ සති දෙකක් පමණ නිවසේ රැඳී සිට නැවත පිටව ගොස් ඇත්තේ ක්වේට් රටේ සේවය සඳහා යන බව පවසමිනි. මෙසේ නිවසින් පිටව ගිය සැමියා ක්වේට් රටට නොගොස් වසර 17 ක කාලයක් කිරිබත්ගොඩ ප්‍රදේශයේ වෙනත් කාන්තාවක් සමග ජීවත් වී තිබේ. තමන් විදෙස් රටක සිටිනා බව පවසමින් මෙරටේ විසූ මොහු පසුගිය දිනෙක තම බිරිඳ හා දරුවන් පදිංචිව සිටි බිරිඳගේ නිවස වෙත පැමිණ තිබේ.

ඔහු නිවසට පැමිණි විගස බිරිඳ විසින් ඔහු මෙරට තුළ නිරෝධායනය වූ බවට ලබාදෙන සහතිකය ඉල්ලා තිබේ. ඉන්පසු ඔහු පවසා ඇත්තේ තමාට එවැනි සහතිකයක් නොලැබුණු බවය.

මෙම පුද්ගලයා තම දියණිය හා දරු දෙදෙනා ඇතුළු සියලු දෙනාම රවටා ඇති බව වටහාගත් බිරිඳගේ පියා මොහු නිවසින් පිටමං කර ඇත. පසුව ඔහු අලවතුගොඩ තම උපන් ගමට ගොස් තිබේ. මොහු විදෙස් රටක සිට පැමිණි බවට සැක පහළ කළ ගම්වාසීන් ද නිරෝධායනය නොවී ඇති මෙම පුද්ගලයා හට විරෝධය පළ කර තිබේ. මේ අවස්ථාවේ කිසිවක් කරකියාගත නොහැකි වූ මොහු තමා රට නොගිය බවත්, කිරිබත්​ගොඩ ප්‍රදේශයේ ජීවත් වූ බවත් ප්‍රදේශවාසීන් හට පවසා තිබේ. මෙම පුද්ගලයා නිවසින් පිටව ගෙවූ වසර 17 ක කාලයේදී ඔහුගේ දෙමාපියන්ද මියගොස් ඇති බව වාර්තා වේ.

බිරිඳ විසින් මොහුට විරුද්ධව කටුගස්තොට පොලිසිය වෙත පැමිණිල්ලක් ද කර තිබේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

විදුර අසතුටෙන්.. රාජ්‍ය ඇමතිකම අත්හැරීමේ සූදානමක්

පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගත් විදුර වික්‍රමනායක මහතාද තමන්ට ලැබුණු රාජ්‍ය අමාත්‍ය...

සේනා යළිත් මතුවෙයි

මීට වසරකට පමණ ඉහතදී රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ සේනා දළඹු වසංගතය නැවතත් හිස ඔසවා ඇති බව වාර්තා වේ. ඒ බදුල්ල පස්සර...

මහින්ද විනාශ කළ ශ්‍රීලනිපයේ ඉතිර අඩ මෛත්‍රී ඉතා නීච ලෙස විනාශ කළා

දශක ගණනාවක් තිස්සේ රටේ තිබූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම විනාශ වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. තම පියා විසින්...

රාජ්‍ය ප්‍රධානීන් ලොක්ඩවුන් කාලෙත් ප්‍රවාහන දීමනා ගනී

කොරෝනා වසංගත තත්ත්වය නිසා රට lockdown කර තිබූ මාර්තු අප්‍රේල් හා මැයි මාස වලදීත් බොහොමයක් රජයේ නිලධාරීන් ප්‍රවාහන හා ඉන්ධන දීමනාව ලබාගෙන...

පාඨක අදහස්