31 C
Colombo
Monday, July 6, 2020
මුල් පිටුව ආර්ථික ඉදිරි වසර හතරේදී වසරකට කෝටි 81700 බැගින් ලංකාවේ ණය ඉහළට

ඉදිරි වසර 4දී (2021 සිට 2025) ශ්‍රී ලංකාවේ ණය වාර්ෂිකඑස් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.3ක (රු.කෝටි 81,700) සාමාන්‍යයකින් ඉහළ යනු ඇතැයි ලොව ප්‍රමුඛ ණය ශ්‍රේණිගත සමාගම් 3න් එකක් වන ෆිච් රේටින් ආයතනය ප්‍රකාශ කරයි.

එම ආයතනය පවසන්නේ මේ වන විට අර්බුදයට ලක්ව ඇති ද්‍රවශීලතා තත්ත්වය රටේ ණය අර්බුදයේ ප්‍රධානම හේතු කාරකය ලෙස හඳුනාගෙන ඇති බවයි.

‘අගෝස්තු 5 වැනි දින මැතිවරණයෙන් පසුව ප්‍රතිපත්ති සම්පාදකයන්ට ඔවුන්ගේ ආර්ථික න්‍යාය පත්‍රය පිළිබඳව අලුතින් සලකා බැලිය හැකි නමුත් අතිරේක බාහිර ආධාර (විදේශ ආධාර) ලබා ගැනීම සඳහා ඇති බාධාව දිගටම පවතිනු ඇත.’ යනුවෙන් ශ්‍රේණිගත කිරීමේ ආයතනය ඊයේ (25 වැනිදා) සිය නවතම වාර්තාවක දක්වා ඇත.

ෆිච් ආයතනය විසින් පසුගිය අප්‍රේල් මාසයේදී ණය ගෙවී​මේ හැකියාව පදනම් කරගත් ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව බී (B) තත්ත්වයේ සිට බී – (B-) දක්වා පහත හෙළනු ලැබීය. මේ අතර ෆිච් ආයතනයට අනුව පසුගිය මැයි මාසයේදී ඩොලර් මිලියන 716කින් පහත වැටීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.5ක් දක්වා අඩු වී ඇත.

2020 වර්ෂයේ ඉදිරි කාලය තුළ ගෙවිය යුතු ස්වෛරී බාහිර ණයවලට සාපේක්ෂව මෙම සංචිත ප්‍රමාණයක් නොවන බව ෆිච් ආයතනය ප්‍රකාශ කරයි. එය සංචිත ලේඛනවලට අනුව 2020 ජූනි සිට සැප්තැම්බර් දක්වා ශ්‍රී ලංකාවට බාහිර (විදේශ) ණය ඩොලර් බිලියන 3.8ක් ගෙවීමට නියමිතව ඇති අතර ඒ ඔක්තෝබර් මාසයේදී ගෙවිය යුතු අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර වටිනාකම ඩොලර් බිලියන 1කි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

සුනිල් ජයවර්ධන ඝාතකයන් යළි රිමාන්ඩ්

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත්...

මේක රටට සේවයක් කරන්න බැරි දුර්වල රජයක්

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඉල්ලුම්කරන සියලුදෙනාට සියයට 4ක ණයක් ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්...

දෙමළ ජනතාවගේ සැබෑ නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් – මම හැමදාම ඒක කියනවා. පුළුවන් දෙයක් කරන්න

දිගින් දිගටම වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැන උදම් අනන උතුරේ දේශපාලන චරිතය පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේදීද එය ඒ ආකාරයෙන්ම සිදු කරගෙන යන බව දක්නට...

කුසල්ගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැර තිඛේ. ඒ ලක්ෂ...

පාඨක අදහස්