31 C
Colombo
Monday, July 6, 2020
මුල් පිටුව විදෙස් පුවත් විවාහයට තෝරා ගන්න පුද්ගලයාගේ අතීත හැසිරීම සහිත වාර්තාවක්

විවාහයට තෝරා ගන්න පුද්ගලයාගේ අතීත හැසිරීම සහිත වාර්තාවක්

විවාහ අපේක්ෂක සහකරුගේ අතීත තොරතුරු අනෙක් පාර්ශ්වය වෙත ලබාදීමේ නව සේවාවක් චීනය ආරම්භ කර තිබේ. තමන් විවාහ වීමට අපේක්ෂා කරන පුද්ගලයා ඉහතදී ගෘහස්ථ හිංසන කිසිවක් සිදුකර ඊට නීතියෙන් වරදකරු වී තිබේද යන්න විවාහ අපේක්ෂක අනෙක් පාර්ශ්වය වෙත දැනගැනීමට නව වැඩපිළිවෙළෙන් ඉඩ සැලසේ.

අදාළ පුද්ගලයා, පවුලේ සාමාජිකයන්ට හෝ පෙර විවාහයක කාලත්‍රයාට හෝ හිංසන සිදුකර ඇත්නම් ඒ බැව් අනෙක් පාර්ශ්වයට අනාවරණය කෙරේ. නව පහසුකම මහජනයා වෙත ලබාදීම නැගෙනහිර චීනයේ ෂිජියැන්ග් පළාතේ යිවු ප්‍රදේශයේ බලධාරීහු ලබන පළමු වැනිදා සිට ආරම්භ කරති. මේ පහසුකම සමස්ත චීනය තුළ දැනට ක්‍රියාත්මක නොවන බැව් සඳහන් වේ. එවැනි පහසුකමක් සමස්ත චීනය තුළම ක්‍රියාත්මක විය යුතු බවට සමාජ වෙබ් අඩවිවලින් විශාල බලපෑමක් එල්ල වෙමින් තිබේ. පුද්ගලයකු සම්බන්ධයෙන් මෙවැනි සොයා බැලීමක් සිදු කළ හැකිව තිබෙන්නේ යිවු පළාතේ බලධාරීන් පවත්වාගෙන යන දත්ත රෙජිස්ටරයක් භාවිතයට ගනිමිනි. මෙකී රෙජිස්ටරය ප්‍රදේශයේ අධිකරණ සහ ආරක්ෂක අංශවලින් ලබාගත් දත්ත මත පදනම්ව පවත්වාගෙන යනු ලැබේ. දත්ත එකතුව පවත්වාගෙන යෑම ආරම්භ කෙරුණේ 2017 වසරේ සිටය. එනිසා 2017 වසරේ සිට මේ දක්වා ගෘහස්ථ හිංසන සිදුකර වැරදිකරුවන් බවට පත් වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු එහි ඇතුළත්ය.

දත්ත එකතුවෙන් කිසිවකු පිළිබඳව තොරතුරු සොයා ගැනීම සඳහා, තොරතුරු ලබන්නාගේ හැඳුනුම්පත් අංකය මෙන්ම විවාහවීමට යෝජනා කර ඇති පුද්ගලයාගේ පෞද්ගලික විස්තරද අවශ්‍ය වේ. එක් අයෙකුට වසරකට සෙවුම් කළ හැකි වන්නේ පුද්ගලයන් දෙදෙනෙකු සම්බන්ධයෙන් පමණි. මෙවැනි දත්ත එකතුවක් පවත්වාගෙන යෑමේ ප්‍රධාන අරමුණ වී තිබෙන්නේ ප්‍රදේශය තුළ ගෘහස්ථ හිංසන අවම මට්ටමකට රැගෙන ඒමය. යෝජනා මගින් විවාහ වීමට අපේක්ෂා කරන අයට මෙම දත්ත එකතුවෙන් වැඩි ප්‍රයෝජනයක් ගත හැකි බව වාර්තා වේ. ගෘහස්ථ හිංසනය සම්බන්ධ නීති චීනයේ ක්‍රියාත්මකවීම ආරම්භ කෙරුණේ 2016 වසරේ සිටය. එම නීතිවලට අනුව ගෘහස්ථ හිංසන සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. එහෙත් චීනයේ සෑම පළාතකම පවා ගෘහස්ථ හිංසන දෙගුණයකින් හෝ තෙගුණයකින් හෝ වැඩිවෙමින් තිබෙන බව එරට මාධ්‍ය සඳහන් කරයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

සුනිල් ජයවර්ධන ඝාතකයන් යළි රිමාන්ඩ්

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත්...

මේක රටට සේවයක් කරන්න බැරි දුර්වල රජයක්

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඉල්ලුම්කරන සියලුදෙනාට සියයට 4ක ණයක් ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්...

දෙමළ ජනතාවගේ සැබෑ නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් – මම හැමදාම ඒක කියනවා. පුළුවන් දෙයක් කරන්න

දිගින් දිගටම වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැන උදම් අනන උතුරේ දේශපාලන චරිතය පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේදීද එය ඒ ආකාරයෙන්ම සිදු කරගෙන යන බව දක්නට...

කුසල්ගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැර තිඛේ. ඒ ලක්ෂ...

පාඨක අදහස්