31 C
Colombo
Monday, July 6, 2020
මුල් පිටුව දේශපාලන පෞද්ගලික ඩීසල් බලාගාර තුනක් සමඟ හොර ගිවිසුමකට සැරසේ

පෞද්ගලික ඩීසල් බලාගාර තුනක් සමඟ හොර ගිවිසුමකට සැරසේ

පෞද්ගලික ඩීසල් බලාගාර තුනක ගිවිසුම් නැවත දීර්ඝ කිරීමේ සැලසුමක් ඇති බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග අනාවරණය කරයි.

එස්. ඇඹිලිපිටිය, එස්. මාතර සහ ඒෂියා පවර් එම පෞද්ගලික විදුලි බලාගාර තුන වෙයි. එස්. ඇඹිලිපිටිය බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා ක්‍රියාත්මක වූ මුල් ගිවිසුම 2015 වසරේ අවසන් විය. ගිවිසුම අවසන් වූ පසු බලාගාරය ලංකා විදුලිබල මණ්ඩලය මිලදීගත යුතු බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කළත් එම තීරණයට පටහැනිව විදුලිබල මණ්ඩලය අදාළ ගිවිසුම දීර්ඝ කර ඇත.

​මෙම ගිවිසුම නීතිවිරෝධී බව විගණකාධිපතිවරයා සහ කෝප් කමිටුව විසින්ද තහවුරු කර තිබේ. එස්. ඇඹිලිපිටිය ඇතුළු මෙම බලාගාර මේ වනවිට ක්‍රියාත්මක වන්නේ බලපත්‍ර රහිතව බවද, වෘත්තීය සමිති පෙන්වා දෙයි. 2015 වසරේදී මෙගාවොට් 100ක බලාගාරයක් ගාල්ලේ ඉදිකිරීමට රජය සැලසුම් කළත් එය ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් වසර පහක කාලයක් ප්‍රමාද කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පෙන්වා දෙයි. එමගින් මෙගාවොට් 320ක විදුලි බලයක් ජනනය කිරීමට නියමිතව තිබුණි. නමුත් ලංකා විදුලිබල මණ්ඩල නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් පෞද්ගලික විදුලි බලාගාරවල වටිනාකම මෙන් දෙගුණයක මුදලක් ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය මිලදී ගැනීම වෙනුවෙන් මේ වනවිට ගෙවා තිබේ.

වෘත්තීය සමිති ඉදිරිපත් කරන මෙම කරුණු සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත්ගෙන් විමසීමට උත්සාහ දැරුවද එය අසාර්ථක විය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

සුනිල් ජයවර්ධන ඝාතකයන් යළි රිමාන්ඩ්

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත්...

මේක රටට සේවයක් කරන්න බැරි දුර්වල රජයක්

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඉල්ලුම්කරන සියලුදෙනාට සියයට 4ක ණයක් ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්...

දෙමළ ජනතාවගේ සැබෑ නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් – මම හැමදාම ඒක කියනවා. පුළුවන් දෙයක් කරන්න

දිගින් දිගටම වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැන උදම් අනන උතුරේ දේශපාලන චරිතය පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේදීද එය ඒ ආකාරයෙන්ම සිදු කරගෙන යන බව දක්නට...

කුසල්ගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැර තිඛේ. ඒ ලක්ෂ...

පාඨක අදහස්