31 C
Colombo
Monday, July 6, 2020
මුල් පිටුව ආර්ථික ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමාණයට වඩා ලුණු භාවිතය නිසා අධික රුධිර පීඩනය

ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමාණයට වඩා ලුණු භාවිතය නිසා අධික රුධිර පීඩනය

ශ්‍රී ලාංකිකයන්ගේ දෛනික ලුණු භාවිතය දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය සිදුකළ නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව පුද්ගලයකු දිනකට භාවිත කළ යුත්තේ ලුණු ග්‍රෑම් පහක් පමණි. එහෙත් වර්තමානයේ ශ්‍රී ලාංකිකයන් ලුණු ග්‍රෑම් 13ක් භාවිත කරන බව පර්යේෂණයෙන් හෙළි වී තිබේ.

දිවයින පුරා පුද්ගලයන් 850ක් මෙම පර්යේෂණයට සම්බන්ධ වී ඇත. ඔවුන්ගේ මූත්‍රා සාම්පලවල ඇති ලුණු ප්‍රමාණය මගින් මෙම පර්යේෂණය සිදුකර ඇත. අධික ලුණු භාවිතය හේතුවෙන් අධි රුධිර පීඩනයට ගොදුරු වන ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාවද වැඩිවී ඇති බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ පෝෂණ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පැවසුවාය.

විශේෂයෙන්ම ශ්‍රී ලාංකික කාන්තාවන් බත් පිසීමේදී අධික වශයෙන් ලුණු භාවිත කරන බවත් සහල් ප්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනය කරන බැවින්, ලුණු භාවිත කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවද ඇය අවධාරණය කර සිටියාය. කරවල සහ හාල්මැස්සන් නිෂ්පාදනයේදී ද අවශ්‍ය ප්‍රමාණයට වඩා ලුණු භාවිත කිරීමද ගැටලුවක් වී ඇති බව මෙම පර්යේෂණයේදී හෙළිවී ඇත.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

සුනිල් ජයවර්ධන ඝාතකයන් යළි රිමාන්ඩ්

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත්...

මේක රටට සේවයක් කරන්න බැරි දුර්වල රජයක්

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඉල්ලුම්කරන සියලුදෙනාට සියයට 4ක ණයක් ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්...

දෙමළ ජනතාවගේ සැබෑ නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් – මම හැමදාම ඒක කියනවා. පුළුවන් දෙයක් කරන්න

දිගින් දිගටම වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැන උදම් අනන උතුරේ දේශපාලන චරිතය පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේදීද එය ඒ ආකාරයෙන්ම සිදු කරගෙන යන බව දක්නට...

කුසල්ගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැර තිඛේ. ඒ ලක්ෂ...

පාඨක අදහස්