31 C
Colombo
Monday, July 6, 2020
මුල් පිටුව උණුසුම් පුවත් කුඩු විකුණූ පොලිස් නිලධාරීන් සිවුදෙනාම ‘කෝටිපතියෝ’

කුඩු විකුණූ පොලිස් නිලධාරීන් සිවුදෙනාම ‘කෝටිපතියෝ’

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ නිලධාරින් සිව්දෙනකු සහ තවත් සිවිල් පුද්ගලයකු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රඳවාගෙන ප්‍රශ්න කරයි.

හෙරොයින් ජාවාරමේ නිරතවීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් එම පොලිස් නිලධාරින් සතුව තිබි රුපියල් ලක්ෂ තුන්සිය එකොළහකට ආසන්න මුදලක් මේ වන විට සොයාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පැවැසීය. 27 වැනිදා සවස මාතර නූපේ පිහිටි දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරව මාධ්‍යවෙත අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මේ බව පැවසීය. මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරින් සිව්දෙනකු සහ තවත් සිවිල් පුද්ගලයෙකි. මෙතෙක් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවේ සිටින නිලධාරීන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සහ බෙදාහැරීමේ කටයුතු සඳහා ජාවාරම්කරුවන්ට උදව්කර ඇති බවය. ඔවුන් මේ වන විට විශාල මුදලක් උපයා ඇති අතර විශාල දේපළ ප්‍රමාණයක්ද මිලදී ගෙන ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. ඒ අතරට වාහන, යතුරුපැදි, කැබ් රථ ආදී වාහන විශාල ප්‍රමාණයක් ඔවුන් භාවිත කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

පසුගිය කාලයේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩිතැබීම්, එක් නිලධාරියෙක් ඝාතනය කිරීම සහ තවත් නිලධාරියෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන්ද මෙම පිරිස සම්බන්ධද යන්න පිළිබඳ මේ වන විට විමර්ශන සිදුවේ.

අප ඉදිරි දින කීපයේදී මෙම විමර්ශනයේ තවත් සාර්ථක පියවර කීපයකට යන්න බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධයෙන් තව දුරටත් අවශ්‍ය නෛතික පියවර අරගෙන ශ්‍රී ලංකා පොලිසියේ යම්කිසි ආකාරයකට අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් සිටිනවා නම් එම පුද්ගලයන්ට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා යැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

සුනිල් ජයවර්ධන ඝාතකයන් යළි රිමාන්ඩ්

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත්...

මේක රටට සේවයක් කරන්න බැරි දුර්වල රජයක්

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඉල්ලුම්කරන සියලුදෙනාට සියයට 4ක ණයක් ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්...

දෙමළ ජනතාවගේ සැබෑ නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් – මම හැමදාම ඒක කියනවා. පුළුවන් දෙයක් කරන්න

දිගින් දිගටම වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැන උදම් අනන උතුරේ දේශපාලන චරිතය පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේදීද එය ඒ ආකාරයෙන්ම සිදු කරගෙන යන බව දක්නට...

කුසල්ගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැර තිඛේ. ඒ ලක්ෂ...

පාඨක අදහස්