31 C
Colombo
Monday, July 6, 2020
මුල් පිටුව දේශපාලන ජනතාවගේ කුස්සියේ තියෙන බඩු ටිකම ඉලක්ක කරලා සියයට සියයකින් බදු වැඩි කරළා

“පාර්ලිමේන්තු මැතිවරණයක් අත ළඟ තියාගෙන ජනතාවගේ කුස්සියේ තියෙන බඩු ටිකම ඉලක්ක කරලා සියයට සියයකින් බදු වැඩි කරපු යුගයක් මීට කලින් අපිට හම්බවෙලා නැහැ’’ යැයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ජාතික ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් නායක කේ.ඩී. ලාල්කාන්ත පැවැසීය.

ඔහු මෙසේ පැවැසුවේ විශ්‍රාමිකයින්ගේ අයිතින් සුරැකීමේ ජාතික සංවිධානයේ මහනුවර දිස්ත්‍රික් සංගමය විසින් පසුගිය 26 වැනිදා පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.

“මේ ඇතිවෙලා තිබෙන ගැටලුව සම්බන්ධව අපි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේදී තීරණයක් ගත්තා. මේ වෙනුවෙන් ජනතාව පෙළගස්සන්න, සංවිධානය කරන්න හා අරගලයක් කරන්න ඕනෑ කියලා. ඒ අනුව අපිට විවිධ මැදිහත්වීම් කරන්න කියල ඉල්ලීම් කරලා තිබුණා. මේකට පක්ෂ භේදයක් නැහැ. කවුරුත් දායක කරගෙන මේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න ඕන. ඒ අනුව අපි මේකට අපෙන් සම්පත් දායකයෝ ටිකක් වෙන් කළා. සරත් ලාල් සහෝදරයා එක් අයෙක්. එතුමාට අත්දැකීම් බහුලයි. ගුරුසේවයෙනුත් විශේෂ දායකත්වයක් ලබා ගන්න පුළුවන් කම තිබෙන නිසා මහින්ද ජයසිංහ සහෝදරයා මේකේ කැඳවුම්කරු විදියට නම් කළා.

ඉදිරියේදී එන්නේ ජනතාවට ලෙහෙසියෙන් යමක් දෙන වැඩපිළිවෙළක් වෙන්න බැහැ. අපි දන්නවා මෙතන යම් කප්පාදුවක් කරලා තියෙනවා. ඡන්දයක් අභියස තියාගෙන මෙවැනි තත්ත්වයක වටපිටාවක් තුළ අපිට පොඩ්ඩක් අනාගතය ගැන හිතන්න පුළුවන්. ලෙහෙසි වෙන්නේ නැහැ. කප්පාදු කිරීමේ යුගයකට අනිවාර්යෙන්ම ගමන් කරනවා. දිනාගන්න නම් අපිට තියෙන්නේ උත්තර දෙකයි. ඕනෑම අරගලයක් ජයග්‍රහණය කරන්න නම් ඒකට අදාළ කේනද්‍රිය කණ්ඩායම ශක්තිමත්ව සංවිධානය වෙන්න ඕනෑ. අනිත් අයගේ උදව් ගන්න පුළුවන්කම තියෙන්නේ සටනකට අදාළ වෙන මූලික කණ්ඩායමට. ඒ සෘජුව බලපාන සංවිධානාත්මක කණ්ඩායම, අඛණ්ඩ අරගලයක ඉන්නවා නම් පමණයි. ඒගොල්ලෝ වැඩේ අත හැරියොත් අනිත් අයත් අත්හැරල දානවා. කිසිදු අරගලයක් ජයග්‍රහණය කරන්න බැහැ කොන්ත්‍රාත් භාරදීලා. වෙන අයට පවරලා. අපි වෙනුවෙන් ඕගොල්ලෝ සටන් කරල මේක දිනල දෙන්න එහෙම ඒවා නැහැ.

අර කේන්ද්‍රීය කණ්ඩායම සංවිධානය කරන ශක්තිමත් කරන වැඩේ තමයි ලාල් සරත් සහෝදරයා එහෙම කරන්නේ. අද මේ රැස්වීම මාධ්‍යවල ගියත් නොගියත් කවුරු දැනගත්තේ නැතත් දැන ගන්න කට්ටියක් ඉන්නවා. කවුද? බුද්ධි අංශය. බුද්ධි අංශයේ නිලධාරියෙක් මෙතනත් ඉන්න පුළුවන්. විශ්‍රාමිකයෙක්ම ඉන්න පුළුවන්. එයාගෙන් තොරතුරු ගන්න එයාට මාසෙකට යම් මුදලක් ගෙවනවා. එහෙම අය ඕන තරම් ඉන්නවා. රාජ්‍ය ආයතනවල වෙන වෙන තැන්වල හදාගෙන ඉන්නවා. එතකොට එතෙන්ට හරියට රිපෝට් එක යන්න ඕන.

මේ වැඩේ ශක්තිමත්ව ඉදිරියට යමින් තිබෙනවා කියන පණිවිඩය එතෙන්ට යන්න ඕන. ආණ්ඩුව මෙවා විශ්ලේෂණය කරල බලනවා. ඒ ගොල්ලන්ට දැන ගන්න ඕන මේක ඇත්තටම දැන් යන වැඩක්ද එහෙම නැතිනම් මේ ඡන්දයක් ඉස්සරහා යන වැඩක් ද නිකම් බොරුවක්ද.

එහෙම නැති නම් විශ්‍රාමිකයෝ සැබෑවටම පක්ෂ බේදයකින් තොරව මේක වටා පෙළගැහෙමින් අරගලයකට ලෑස්ති වෙනවද? ඔව් කියන පණිවිඩය ගියොත් තමයි පාලකයෝ මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන්නේ. අපි එළියේ තියෙනවා අරගලයක්. ඒක තමයි මේ යන්නේ.

විශ්‍රාමිකයෝ ශක්තිමත් කරමින් ඒගොල්ලෝ මේකේ කේන්ද්‍රික කණ්ඩායම කරමින් අනෙකුත් ඕනෑම කෙනෙකුගෙන් සහය ගන්න. ඒ කවුද කියල අපිට වැඩක් නැහැ. වැඩේට සහයෝගය දෙනවා නම් කවුරු හරි කමක් නැහැ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

සුනිල් ජයවර්ධන ඝාතකයන් යළි රිමාන්ඩ්

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත්...

මේක රටට සේවයක් කරන්න බැරි දුර්වල රජයක්

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඉල්ලුම්කරන සියලුදෙනාට සියයට 4ක ණයක් ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්...

දෙමළ ජනතාවගේ සැබෑ නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් – මම හැමදාම ඒක කියනවා. පුළුවන් දෙයක් කරන්න

දිගින් දිගටම වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැන උදම් අනන උතුරේ දේශපාලන චරිතය පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේදීද එය ඒ ආකාරයෙන්ම සිදු කරගෙන යන බව දක්නට...

කුසල්ගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැර තිඛේ. ඒ ලක්ෂ...

පාඨක අදහස්