31 C
Colombo
Monday, July 6, 2020
මුල් පිටුව දේශපාලන රට මේ විදිහට අවුරුදු දෙකක් ගියොත් ග්‍රීසිය වගේ වෙලා ජනතාවට කන්න නැතිවෙනවා

වත්මන් රජය තුනෙන් දෙකක බලය ඉල්ලන්නේ එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීමට සහ 19 වැනි ව්‍යවස්ථාව වෙනස් කිරීමට යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (28 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදීය. හිටපු මන්ත්‍රීවරිය පෙන්වා දෙන්නේ සැබෑවටම ජනතාවට සහන ලබාදෙනවා නම් තුනෙන් දෙකක බලයක් අවශ්‍ය නොවන බවත්, එය සරල බහුතර බලයකින්ද කළ හැකි බවත්ය. වත්මන් රජයට තුනෙන් දෙකක බලයක් ලබාගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය පූර්ණ සහාය ලබාදීමට සූදානම් බවද ඇය සඳහන් කළාය. එම නිසා අලියා ඉදිරියේ කතිරය ගැසීම පොහොට්ටුව ඉදිරි​යේ කතිරය ගැසීමට සමාන බවද ඇය කීවාය.

බන්ධනාගාර තුළ සිදුවන සියලුම වංචා, දූෂණ කාටත් වඩා හොඳින් තමා දන්නා බැවින් එම සියලුම අක්‍රමිකතා පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙළිදරව් කිරීමට තමා සූදානම් බවද ඇය පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරිය, මෙසේද කීවාය.

‘‘අපේ විරුවා ලොකු සද්දයක් දැම්මා බන්ධනාගාරයට ඇවිත්. අනේ පොඩ්ඩක් ඇවිත් මගෙන් අහන්නගෝ මං ළඟ හැම විස්තරයක්ම තියෙනවා, කවුරු කවුරුද රෑ තිස්සේ ගෙවල්වලට යන්නේ? කාගේ අතේද රිමෝට් එක තියෙන්නේ? බන්ධනාගාරය ඇතුළු මොන ටීවී චැනල් එකද බලන්නේ, හැම විස්තරයක්ම මං දෙන්නම්. හැබැයි රට මේ විදිහට තව අවුරුදු දෙකක් ගියොත් ග්‍රීසිය වගේ වෙලා ජනතාවට කන්න බොන්න නැතිවෙනවා.

මේ වනවිට දැනගන්න ලැබිලා තියෙනවා රුපියල් බිලියන තුන්සීයක මුදල් අච්චු ගහලා, ඊට අමතරව රුපියල් බිලියන එකසිය විස්සක පමණ මුදලුත් අච්චු ගහන්න දැන් ලැස්ති කරලා තියෙන්නේ හෝ අච්චු ගහලා කියලා. දැන් මුදල්වලට සරිලන නිෂ්පාදනයක් රටේ නැතිවෙනකොට මුදල් තියෙනවා. භාණ්ඩ නැහැ, ඕක දීර්ඝකාලීනව කරගෙන ගියොත් එහෙම අවසානයේ උද්ධමනය වැඩිවෙනවා.’’

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

සුනිල් ජයවර්ධන ඝාතකයන් යළි රිමාන්ඩ්

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත්...

මේක රටට සේවයක් කරන්න බැරි දුර්වල රජයක්

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඉල්ලුම්කරන සියලුදෙනාට සියයට 4ක ණයක් ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්...

දෙමළ ජනතාවගේ සැබෑ නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් – මම හැමදාම ඒක කියනවා. පුළුවන් දෙයක් කරන්න

දිගින් දිගටම වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැන උදම් අනන උතුරේ දේශපාලන චරිතය පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේදීද එය ඒ ආකාරයෙන්ම සිදු කරගෙන යන බව දක්නට...

කුසල්ගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැර තිඛේ. ඒ ලක්ෂ...

පාඨක අදහස්