31 C
Colombo
Monday, July 6, 2020
මුල් පිටුව උණුසුම් පුවත් මඩු දේවස්ථානයේ ජූලි මස මංගල්‍යයට සීමිත පිරිසක්

මඩු දේවස්ථානයේ ජූලි මස මංගල්‍යයට සීමිත පිරිසක්

මඩු දේවස්ථානයේ ජූලි මස මංගල්‍යය වෙනුවෙන් බැතිමතුන් සීමිත පිරිසක් පමණක් සහභාගි කරවා ගැනීමට නියමිත බව මන්නාරම දිස්ත්‍රික් ලේකම් එස්.ඒ. මෝහනදාස් පවසයි.

මන්නාරම මඩු දේවස්ථාන ජූලි මස දේව මෙහෙය එළැඹෙන 02 වැනිදා පැවැත්වීමට නියමිතය. මඩු දේවස්ථාන මංගල්‍යය සම්බන්ධයෙන් මන්නාරම දිසාව භාර රදගුරු ඉමානුවෙල් ප්‍රනාන්දු පියතුමන්ගේ උපදෙස් මත මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයා එලෙස පැවැසුවේය.

එම දිනයන්ට පැමිණෙන බැතිමතුන් මඩු මාතා විශේෂ දේව මෙහෙය පැවත්වෙන අගෝස්තු මාසය දක්වා මඩු දේවස්ථාන භූමියේ තාවකාලික කූඩාරම් ඉදිකර රැඳී සිටී.

කෙසේ වෙතත් මෙවර පවතින කොරෝනා වයිරසයේ අවදානම හේතුවෙන් දේව මංගල්‍යයට සහභාගී වන බැතිමතුනගේ ආරක්ෂාව වෙනුවෙන් ද සෞඛ්‍ය උපදෙස් මත දුර සිට පැමිණෙන බැතිමතුන් සීමා කිරීමට සිදු වන බවටත් ඉන් බැතිමතුන් වෙනුවෙන් සිදුවන අපහසුතාවන්ට කනගාටුව ප්‍රකාශ කරන බවටද මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය පවසා සිටී.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

සුනිල් ජයවර්ධන ඝාතකයන් යළි රිමාන්ඩ්

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත්...

මේක රටට සේවයක් කරන්න බැරි දුර්වල රජයක්

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඉල්ලුම්කරන සියලුදෙනාට සියයට 4ක ණයක් ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්...

දෙමළ ජනතාවගේ සැබෑ නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් – මම හැමදාම ඒක කියනවා. පුළුවන් දෙයක් කරන්න

දිගින් දිගටම වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැන උදම් අනන උතුරේ දේශපාලන චරිතය පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේදීද එය ඒ ආකාරයෙන්ම සිදු කරගෙන යන බව දක්නට...

කුසල්ගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැර තිඛේ. ඒ ලක්ෂ...

පාඨක අදහස්