31 C
Colombo
Monday, July 6, 2020
මුල් පිටුව උණුසුම් පුවත් තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අද සිට ඇරඹේ

තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අද සිට ඇරඹේ

තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සහ තැපෑලට බාරදීම අද (30) දිනයේ ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ හෙට (01) සහ අනිද්දා (02) දිනවලදී ද තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සහ තැපෑලට බාරදීම සිදුකරන බවය.

අගෝස්තු මස 05 වන දින පැවැත්විමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපෑලෙන් ඡන්දයදීමට පුද්ගලයින් හත් ලක්ෂ 53,037 දෙනෙකු ඉල්ලීම් කර තිබූ අතර ඉන් හත් ලක්ෂ 5,085 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ තැපැල් ඡන්ද අයදුම්පත් 47,430ක් මේ වන විට ප්‍රතික්ෂේප කර ඇති බවය.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලීසිය, ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ හැර තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන මස 14 සහ 15 යන දිනයන්හිදී සිදුකිරීමට නියමිතය.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාලය, පොලීසිය ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශවල තැපැල්ඡන්ද සලකුණු කිරීම ජුලි මස 16 සහ 17 යන දිනවල දී සිදුකිරීමට නියමිත අතර එම දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ජුලි මස 20 සහ 21 දිනවල දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව සලසා තිබේ.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව අද පෙරවරුවේ රැස්වීමට නියමිත බව වාර්තා වේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වන මැතිවරණ කොමිෂන් සභාවේදී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

විශේෂයෙන් ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව දිර්ඝ කිරීම සම්බන්ධයෙන් අද දිනයේ අවසන් තීරණයක් ගැනීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

සුනිල් ජයවර්ධන ඝාතකයන් යළි රිමාන්ඩ්

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත්...

මේක රටට සේවයක් කරන්න බැරි දුර්වල රජයක්

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඉල්ලුම්කරන සියලුදෙනාට සියයට 4ක ණයක් ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්...

දෙමළ ජනතාවගේ සැබෑ නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් – මම හැමදාම ඒක කියනවා. පුළුවන් දෙයක් කරන්න

දිගින් දිගටම වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැන උදම් අනන උතුරේ දේශපාලන චරිතය පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේදීද එය ඒ ආකාරයෙන්ම සිදු කරගෙන යන බව දක්නට...

කුසල්ගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැර තිඛේ. ඒ ලක්ෂ...

පාඨක අදහස්