31 C
Colombo
Monday, July 6, 2020
මුල් පිටුව උණුසුම් පුවත් MCC ගිවිසුම ගැන එජාපයෙන් නිවේදනයක්

මිලේනියම් අභියෝගතා ගිවිසුම හෙවත් එම්.සි.සි.ගිවිසුම සම්බන්ධයෙන් මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්ගේ කමිටු වාර්තාව මගින් යහපාලන රජය වෙත නගා ඇති චෝදනා එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කර තිබේ.

2017 සහ 2018 යන වර්ෂවල දී එම්.සි.සි.ගිවිසුම සමග ගිවිසුම් දෙකක් අත්සන් කිරීමෙන් පසුව එවකට පැවති රජය වෙත අමෙරිකානු ඩොලර් මිලියන 10ක් ලබා දී ඇති බවට අදාළ කමිටු වාර්තාවෙන් චෝදනා කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පෙන්වාදෙයි.

කෙසේවෙතත් එම මූල්‍ය කටයුතු පිළිබඳව කිසිදු වාර්තාවක් මුදල් අමාත්‍යාංශයේ නොමැති බව ද එම කමිටුව ප්‍රකාශ කර ඇති බව ද එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

එම්.සි.සි.ය විසින් ශ්‍රී ලංකා රජයට කිසිදු මුදලක් නිදහස් කර නොමැති බව ශ්‍රී ලංකාවේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇති බවත් මුදල් නිදහස් කර ඇති බවට නඟන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණ සමයේදි මෙම එම්.සි.සි.ගිවිසුම සම්බන්ධයෙන් පදනම් විරහිත චෝදනා එල්ල කරමින් ජනතාව මුලා කර අතර මෙවර මැතිවරණයේදී ද එම ක්‍රියාවේ යෙදමින් ජනතාව මුලාකිරීමට සූදානම් වන බව එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

සුනිල් ජයවර්ධන ඝාතකයන් යළි රිමාන්ඩ්

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත්...

මේක රටට සේවයක් කරන්න බැරි දුර්වල රජයක්

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඉල්ලුම්කරන සියලුදෙනාට සියයට 4ක ණයක් ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්...

දෙමළ ජනතාවගේ සැබෑ නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් – මම හැමදාම ඒක කියනවා. පුළුවන් දෙයක් කරන්න

දිගින් දිගටම වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැන උදම් අනන උතුරේ දේශපාලන චරිතය පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේදීද එය ඒ ආකාරයෙන්ම සිදු කරගෙන යන බව දක්නට...

කුසල්ගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැර තිඛේ. ඒ ලක්ෂ...

පාඨක අදහස්