31 C
Colombo
Friday, July 10, 2020
මුල් පිටුව උණුසුම් පුවත් රජරට සරසවියේ සිසුන් 300 ක් සිර කර තිබෙන බවට චෝදනාවක්

මිහින්තලය රජරට විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨයේ සිවුවෙනි වසරේ විභාග කටයුතු ආරම්භ කරමින් සිසුන් තුන්සිය දෙනෙකු පමණ සිරකරුවන් බවට පත්කිරීමට විශ්ව විද්‍යාල පරිපාලනය කටයුතු සිදුකර ඇති බවත් ඒ පිළිබදව අදහස් දක්වන්නන් පරිපාලකයන්ගේ දැඩි උදහසට ලක්වීමේ අවධානමක් ඇතිවී තිබෙන බවත් සිසුන් පිරිසක් අනාවරණය කලහ.

කොවිඩ් 19 වසංගතයෙන් අනතුරුව මිහින්තලය රජරට විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨයේ හතරවන වසරේ සිසුන්ට අවසන් විභාගය ආරම්භ වීමට නියමිතව තිබෙන අතර ඒ සදහා විශ්ව විද්‍යාල පරිපාලනය විශ්ව විද්‍යාලය ආරම්භකර සිසුන්ගේ අධ්‍යයන කටයුතු සිදුකර ගැනීමට අවශ්‍ය වටපිටාව සකසා ඇතත් එය දැඩි පීඩාකාරි තත්වයක් බව සිසුන් පැවසුහ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සිසුන් පිරිසක් මෙසේ සඳහන් කළේය.

“දින හතක පමණ කාලයක් සිසුන් 300ක් පමණ සිර අඩස්සියේ ඉන්නවා. මේ කරන්නේ නීරෝධායනය නෙමෙයි අපෙන් පලිගැනීමක්. නීරෝධායනය දින 14යි. අපි ලබන අගෝස්තු මසය වෙනකම් තනිකාමරයකට වෙලා ඉන්න ඕන. හරි හමන් කෑම බීමක් නෑ. බාගෙට තම්බපු එළවළු තියෙන කටවල් දෙකක තුනක කෑම එකක් තුන්වේලට කාමරයට ලැබෙනවා. අපි හිරකූඩුවල හිරවෙලා හුස්මක් ගන්න විදියක් නැතුව ඉන්නවා.

නමුත් විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල ආචාර්ය මණ්ඩලය පිරිසිදු කිරීමේ ආයතන සේවකයන් ආරක්ෂක අංශ පිටත ඉදන් විශ්ව විද්‍යාලයට යනවා එනවා. හැමතැනම කරක්ගහන මේ පිරිස අපි හමුවට එනවා. ඒ හරහා අපි වෛරසයට නිරාවරනය වෙන්න බැරිද? අපිව හිරකරනවා නම් ඒ අයත් හිරවෙලා මේක ඇතුලෙම ඉන්න.

මේ පිළිබදව කිසිම කෙනෙක් කථා කරන්න බයයි. එහෙම කථා කරොත් සිසුන් විභාගයෙන් අසමත් කරනවා. නැවත අපිට ගොඩයෑමක් නෑ. ඇයි මේ ආකාරයට අපෙන් පළිගන්න කාමරවල හිරකරලා තියෙන්නේ. අපිව මේ ආකාරයට හිරකරලා මානසික පීඩාවන් දෙන්න එපා කියලා ඉල්ලනවා. අපි දවස් 14ක් නිරෝධායනය වෙන්නම්. මේ පිළිබදව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුකරන්න කියලා අපි ඉල්ලා සිටිනවා” යනුවෙන් සිසුන් පැවසුහ.

මේ සම්බන්ධයෙන් මිහින්තලය රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාගෙන් දුරකථනයෙන් සිදුකල විමසීමකදි ඔහු මෙසේ පැවසිය.

”මේ සිසුන් අතරේ කල්ලි ගැහෙන්න අවශ්‍ය පිරිසක් ඉන්නවා. කල්ලි ගැහුනොත් මේ වැඩේ කරන්න බෑ. අපි ඔවුන්ගේ අනාගතය ගැන හිතලයි විශ්ව විද්‍යාල කටයුතු ආරම්භකරේ. මේ වගේ බොරු චෝදනා එද්දි අපිත් ගෙවල්වලට වෙලා හිටියනම් හොදයි කියලා හිතෙනවා” -උපකුලපති

“නීරෝධායන කටයුත්තක් සිදුවෙන්නෑ. අපි මේ දරුවන්ට විභාගයට මුහුණදීම සදහා අවශ්‍ය සුදුසුම පරිසරය විශ්ව විද්‍යාලය තුල හදලා දීලා තියෙන්නේ. තනිතනියෙන් කාමරයන් තුලට වෙලා පාඩම් කරන්න තියෙන්නේ. සිසුන් වෛද්‍ය පරික්ෂාවන් යටතේ සිටින්නේ.

විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයත් ඉතාම වගකීමෙන් කටයුතු කරන්නේ. කාර්ය මණ්ඩලයත් වෛද්‍ය අධීක්ෂනය යටතේ රාජකාරි සිදුකරන්නේ. අත්‍යාවශ්‍ය කරුණකට පමණයි ඔවුන් ආයතනයට එන්නේ. අපි සිසුන්ගේ අවශ්‍යතාවන් පිළිබදව හොයා බලලා කටයුතු කරනවා.

මේ සිසුන් අතරේ කල්ලි ගැහෙන්න අවශ්‍ය පිරිසක් ඉන්නවා. කල්ලි ගැහුනොත් මේ වැඩේ කරන්න බෑ. අපි ඔවුන්ගේ අනාගතය ගැන හිතලයි විශ්ව විද්‍යාල කටයුතු ආරම්භකරේ. මේ වගේ බොරු චෝදනා එද්දි අපිත් ගෙවල්වලට වෙලා හිටියනම් හොදයි කියලා හිතෙනවා” යනුවෙන් උපකුලපතිවරයා පැවසුවේය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

නාත්තණ්ඩියට ආ උපදේශිකාවට කොවිඩ් නිසා බස්වල ගිය මිනිස්සු සොයා මෙහෙයුම්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ඊයේ (09දා) කොවිඩ් ආසාදිතයන් 56ක් හමුවීමත් සමග එම මධ්‍යස්ථානය ජංගම රෝහලක් බවට පත් කිරීමට පියවර...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රි ලාංකිකයන් 278 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබේ. අද (10) අලුයම...

ඉන්දියානු පිළිකා එන්නත මිලදී ගන්න පවිත්‍රා සූදානම් වෙයි

පිළිකා රෝගීන් සඳහා ලබා දෙන ඖෂධ එන්නත් කුප්පි දෙළොස් දහස් පන්සියයක් ඉන්දියානු සමාගමකින් මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ඉදිරිපත් කළ...

නිරෝධායන කාලයේ නොගෙවූ ණය වලට ජනතාවගෙන් අමතර පොළියක් අය කරන්න අනුමැතිය

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රජය ලබාදුන් සහන කාලයේදී ගනුදෙනුකරුවන් නොගෙ වූ ණය වාරික වෙනුවෙන් සියයට හතක උපරිමයකට යටත්ව අතිරේක පොලියක් අයකර ගැනීමට...

පාඨක අදහස්