31 C
Colombo
Friday, July 10, 2020
මුල් පිටුව උණුසුම් පුවත් ණය බර නිසා යුද වැන්දඹුවන් “සිය දිවි නසා ගන්නා තත්වයක”

ණය බර නිසා යුද වැන්දඹුවන් “සිය දිවි නසා ගන්නා තත්වයක”

යුද්ධය හේතුවෙන් උතුරු නැගෙනහිර වැන්දඹුවන් බවට පත් වු අනු දහසකට ආසන්න කාන්තාවන්ගේ ආර්ථිකය ගොඩ නැංවීම සදහා රජය විසින් මේ දක්වා නිසි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර නොමැති වීමෙන් එම කාන්තාවන් දැඩි අසරණතාවයට පත්ව ඇති බව අතුරුදහන් වුවන් සොයා ගැනීම වෙනුවෙන් වෙහෙසුනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංවිධානයක් පවසයි.

නව සම සමාජ පක්ෂයට අනුබද්ධ ‘අතුරුදහන් වුවන් සොයා බැලීමේ කමිටුව’ පවසන්නේ මේ වන විටත් උතුරු නැගෙනහිර අසු පන්දහසක් ඉක්මවු වැන්දඹු කාන්තාවන්ට නිසා ආර්ථික වැඩ පිළිවෙලක් නොමැති වීමෙන් අධික පොලියට ණය ගන්නා ඔවුන් ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් සිය දිවි හානි කරගන්නා තත්වයකට ඇද වැටී ඇති බවයි.

අතුරුදහන් වුවන් සොයා බැලීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් මානව හිමිකම් ක්‍රියාධර සුන්දරම් මහේන්ද්‍රන් ඒ බව සදහන් කළේ ජුනි මස 23 දිනට යෙදී තිබු “ජාත්‍යන්තර වැන්දඹුවන්ගේ දිනය” වෙනුවෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ඔහු පවසන පරිදී උතුරේ ක්ෂුද්‍ර මුල්‍ය ආයතනයන් වෙතින් අධික පොලිය යටතේ ණය ලබා ගන්නා අය අතරින් බහුතරය යුද්ධය හේතුවෙන් වැන්දඹුවන් බවට පත්වු කාන්තාවෝ වෙති.

දකුණේ වැන්දඹු කාන්තාවන්ගේ ආර්ථිකය ගොඩ නැංවීම සදහා රජය විසින් සුභසාධන වැඩ පිළිවෙල ක්‍රියාත්මක කළද උතුරේ වැන්දඹු කාන්තාවන් සදහා එවැනි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොවන බවට චෝදනා කරන සුන්දරම් මහේන්ද්‍රන් පෙන්වා දෙන්නේ මැතිවරණ සමයේදී පමණක් දේශපාලනඥයන්ට වැන්දඹු කාන්තාවන් මුහුණ දෙන ගැටළු සිහිපත් වන බවයි.

“දකුනේ සිංහල දේශපාලනඥයෝ විතරක් නෙමෙයි උතුරේ දෙමළ දේශපාලඥයන්ටත් වැන්දඹුවන්ගේ ප්‍රශ්න මතක් වෙන්නේ මැතිවරණ කාලයට විතරයි. ඒ කාලෙට ඔවුන්ගේ හිත දිනාගෙන ඡන්ද ලබා ගන්න ඔවුන්ගේ අසරණ කම ගැන කතා කරනවා.”

අතුරුදහන් වුවන් සොයා බැලීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් මානව හිමිකම් ක්‍රියාධර සුන්දරම් මහේන්ද්‍රන් රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, උතුරු නැගෙනහිර වැන්දඹු කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා නිසි වැඩ පිළිවෙලක් දියත් කර සමාජයේ ගෞරවනීය පුරවැසියන් ලෙස ජීවත් වීමේ අවස්ථාව ඔවුනට හිමිකර දෙන ලෙසයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

නාත්තණ්ඩියට ආ උපදේශිකාවට කොවිඩ් නිසා බස්වල ගිය මිනිස්සු සොයා මෙහෙයුම්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ඊයේ (09දා) කොවිඩ් ආසාදිතයන් 56ක් හමුවීමත් සමග එම මධ්‍යස්ථානය ජංගම රෝහලක් බවට පත් කිරීමට පියවර...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රි ලාංකිකයන් 278 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබේ. අද (10) අලුයම...

ඉන්දියානු පිළිකා එන්නත මිලදී ගන්න පවිත්‍රා සූදානම් වෙයි

පිළිකා රෝගීන් සඳහා ලබා දෙන ඖෂධ එන්නත් කුප්පි දෙළොස් දහස් පන්සියයක් ඉන්දියානු සමාගමකින් මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ඉදිරිපත් කළ...

නිරෝධායන කාලයේ නොගෙවූ ණය වලට ජනතාවගෙන් අමතර පොළියක් අය කරන්න අනුමැතිය

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රජය ලබාදුන් සහන කාලයේදී ගනුදෙනුකරුවන් නොගෙ වූ ණය වාරික වෙනුවෙන් සියයට හතක උපරිමයකට යටත්ව අතිරේක පොලියක් අයකර ගැනීමට...

පාඨක අදහස්