31 C
Colombo
Friday, July 10, 2020
මුල් පිටුව උණුසුම් පුවත් සාමකාමී රැස්වීමේ නිදහසට අදාළ ලංකාවේ නීති සංශෝධනය විය යුතුයි

එක්රැස්වීමේ සහ සමාගමයේ අයිතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ක්ලෙමො වුලේ කරන ලද ශ්‍රී ලංකා සංචාරයෙන් පසු

ලංකාන්ඩුව වෙත නිර්දේශ කිහිපයක් ඉදිරිපත්කර ඇත.

මෙම නිර්දේශ ඇතුළත් වනනේ ජූලි 30දායින් ඇරඹෙන මානව හිමිකම් කවුන්සිලයේ 44වන සැසිවාරයට ඔහු විසින් කරනු ලබන දීර්ඝ වාර්තාවෙහිය.

එසේ ඉදිරිපත් කර ඇති නිර්දේශ මෙසේය.

(අ) ජාත්‍යන්තර මානව හිමිකම් සම්මතයන් හා ප්‍රමිතීන්ට අනුකූල වීම සහතික කිරීම සඳහා සාමකාමී රැස්වීමේ නිදහසට අදාළ නීති හා රෙගුලාසි සංශෝධනය කිරීම සලකා බලන්න.

(ආ) සංවිධායකයින්ට සහ නීතිය බලාත්මක කිරීමේ බලධාරීන්ට නීතියට අනුව රැස්වීම් සංවිධානය කිරීම පහසු කිරීම සඳහා සාමකාමී එක්රැස්වීමේ නිදහස පිළිබඳ නීති සහ රෙගුලාසි මත පදනම්වූ පැහැදිලි හා විවෘත මඟ පෙන්වීම් වර්ධනය කිරීම සලකා බලන්න.

(ඇ) සාපරාධී අවදානමකින් තොරව ස්වයංසිද්ධ හෝ හදිසි රැස්වීම් පැවැත්වීමට ඉඩ දීම සඳහා දැනුම් දීමේ ක්‍රියා පටිපාටි සම්බන්ධයෙන් නීතිය සංශෝධනය කිරීම සලකා බලන්න.

(ඈ)) සාමකාමී එක්රැස්වීමේ නිදහස සඳහා ඇති අයිතිය නීත්‍යානුකූලව ක්‍රියාත්මක කරන විරෝධතාකරුවන් අපරාධකරුවන්බවට පත්කැරෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු ජාතික ආරක්ෂක නීති භාවිතා කිරීමෙන් වළකින්න.

(ඉ) අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රමිතීන්ට සැමවිටම පටහැනි පියවරක් වන, සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් අන්තර්ජාලය වසා දැමීමෙන් වළකින්න. අන්තර් ජාලයෙහි පළ කැරෙන ප්‍රචණ්ඩකාරී අන්තර්ගතයන් සහ ව්‍යාජ තොරතුරු සම්බන්ධයෙන් පලදායී හා සාක්ෂිමත පියවර ගැනීම සඳහා සිවිල් සමාජය, මාධ්‍ය, අන්තර්ජාල සේවා සපයන්නන් සහ සමාජ මාධ්‍ය සමාගම් සමඟ සහයෝගයෙන් වැඩ කරන්න. එය අන්තර් ජාතික මානව හිමිකම් නීතියට අනුකූල වන පරිදි සිදු කරන්න.

(ඊ) එක්රැස්වීම් විසුරුවා හැරීම සඳහා කිසියම් බලයක් භාවිතා කිරීමෙහිදී ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූල වන බවත්, නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් විසින් බලය සහ ගිනි අවි භාවිතා කිරීම පිළිබඳ මූලික මූලධර්ම සහ නීතිය ද බලාත්මක කිරීමේ නිලධාරීන් සඳහා වන චර්යාධර්ම පද්ධතිය ද පුහුණුවෙහිදී ලද නියමයන්ද පිළිපදින බවත් සහතික කරන්න.

(උ) කවර හෝ එක්රැස්වීමක් වැළැක්වීම හෝ නැවැත්වීම සඳහා කිසියම් අධිකරණ නියෝගයක් ඉල්ලා සිටින විට සංවිධායකයින්ට එයට අභියෝග කිරීමට ප්‍රමාණවත් කාලයක් හා අවස්ථාවක් ලබා දෙන බවටත් එක්රැස්වීම අතරතුර අනෙක් අය විසින් කරන නීති විරෝධී ක්‍රියාවන්ට විරෝධතා සංවිධායකයින් පෞද්ගලිකව වගකිව යුතු නැති බවත් සහතික කරන්න.

(ඌ) ජාතික හා ආගමික සුළුතරයන්, සමරිසි සහ සංක්‍රාන්ති කණ්ඩායම් යානාදීන්, ළමුන් සහ කාන්තාවන් වැනි කණ්ඩායම් වලට සාමකාමී එක්රැස්වීමේ අයිතිය සුරක්ෂිතව ක්‍රියාත්මක කළහැකි බව, තෙවන පාර්ශවයන්ගේ පහරදීම්, හිරිහැර කිරීම් සහ බිය ගැන්වීම් වලින් එම කන්ඩායමි කිරීම මගින් සහතික කරන්න.

(එ) ආරක්ෂක හමුදාවන්ගේ ක්‍රියාවන් හේතුවෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, විශේෂයෙන් ඝාතනයන් හා තුවාල කිරීම්, රතුපස්වල, වැලිකඩ බන්ධනාගාර සහ රොෂාන් චානක නඩුද ඇතුළුව ක්ෂණිකව, ස්වාධීනව හා විනිවිදභාවයෙන් විමර්ශනය කර නඩු පැවරෙන බව සහතික කරන්න.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

නාත්තණ්ඩියට ආ උපදේශිකාවට කොවිඩ් නිසා බස්වල ගිය මිනිස්සු සොයා මෙහෙයුම්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ඊයේ (09දා) කොවිඩ් ආසාදිතයන් 56ක් හමුවීමත් සමග එම මධ්‍යස්ථානය ජංගම රෝහලක් බවට පත් කිරීමට පියවර...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රි ලාංකිකයන් 278 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබේ. අද (10) අලුයම...

ඉන්දියානු පිළිකා එන්නත මිලදී ගන්න පවිත්‍රා සූදානම් වෙයි

පිළිකා රෝගීන් සඳහා ලබා දෙන ඖෂධ එන්නත් කුප්පි දෙළොස් දහස් පන්සියයක් ඉන්දියානු සමාගමකින් මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ඉදිරිපත් කළ...

නිරෝධායන කාලයේ නොගෙවූ ණය වලට ජනතාවගෙන් අමතර පොළියක් අය කරන්න අනුමැතිය

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රජය ලබාදුන් සහන කාලයේදී ගනුදෙනුකරුවන් නොගෙ වූ ණය වාරික වෙනුවෙන් සියයට හතක උපරිමයකට යටත්ව අතිරේක පොලියක් අයකර ගැනීමට...

පාඨක අදහස්