31 C
Colombo
Monday, July 6, 2020
මුල් පිටුව විදෙස් පුවත් චීන ඌරන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දෙනෙත් විවර කරයි

ඌරන් ගෙන් ව්‍යාප්ත වන නව උණ වෛරසයක් පිළිබඳ චීනය විසින් සිදුකළ අධ්‍යයනයක් කෙරේ දැඩි අවධානය යොමුකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ.

ඒ, කොවිඩ් වසංගත තත්ත්වය තුළ ඉන්ෆ්ලුවන්සා ව්‍යාප්ත වීමේ චර්යා අධීක්ෂණය කිරීම සඳහා මෙම අධ්‍යයනය උපකාර වන බැවිනි.

අද දින නිකුත් කළ නිවේදනයකින් ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර සිටියේ, චීනයේ වසන ඌරන් හරහා ව්‍යාප්ත වන මෙම නව උණ වෛරසය මිනිසුන් හට ආසාදනය වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවයි.

මෙම අධ්‍යයන වාර්තාවෙන් පෙන්වා දී තිබෙන්නේ වසංගත තත්ත්වයක් දක්වා උත්සන්න වීමට පෙර එම නව උණ වෛරසය මර්දනය කළ යුතු බවයි.

ජිනීවා හීදි පැවති හමුවකදී ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිත ක්‍රිස්ටියන් ලින්ඩ්මෙයර් පවසා සිටියේ මෙවැන්නකි.

“මෙම අධ්‍යයනය තුළින් පෙන්වා දෙන නව සොයාගැනීම් පිළිබඳ අප විමසිල්ලෙන් කියවමු. ඉන්ෆ්ලුවන්සා සම්බන්ධයෙන් අපගේ ආරක්ෂක විධිවිධාන ලිහිල් කළ නොහැකියි. එබැවින්, කොරොනා වෛරස වසංගතය තුළ පවා මෙම තත්තවයන් පිළිබඳ අධීක්ෂණය කිරීමට කටයුතු කරමු.”

එකී අධ්‍යයන වාර්තාවේ සොයාගැනීම් වලට අනුව සත්ව ගහන පාලනය පිළිබඳ අවධානය යොමුකළ යුතු බවද හෙතෙම අවධාරණය කළේය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

සුනිල් ජයවර්ධන ඝාතකයන් යළි රිමාන්ඩ්

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත්...

මේක රටට සේවයක් කරන්න බැරි දුර්වල රජයක්

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඉල්ලුම්කරන සියලුදෙනාට සියයට 4ක ණයක් ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්...

දෙමළ ජනතාවගේ සැබෑ නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් – මම හැමදාම ඒක කියනවා. පුළුවන් දෙයක් කරන්න

දිගින් දිගටම වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැන උදම් අනන උතුරේ දේශපාලන චරිතය පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේදීද එය ඒ ආකාරයෙන්ම සිදු කරගෙන යන බව දක්නට...

කුසල්ගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැර තිඛේ. ඒ ලක්ෂ...

පාඨක අදහස්