31 C
Colombo
Monday, July 6, 2020
මුල් පිටුව දේශපාලන මහින්දට අත තියන්න එපා කියලා මුලින්ම ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරියට ගිහිල්ලා උද්ඝෝෂණය...

“2011 දී මහින්ද රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව ඇමරිකාවෙන් අපේ රටේ තිබුණු සිවිල් යුද්ධය සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කළා . මහින්ද මහත්තයට අත තියන්න එපා කියලා මුලින්ම ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරියට ගිහිල්ලා උද්ඝෝෂණය කළේ මුස්ලිම් ජනතාවයි. එදා තමයි විපක්ෂය ජාත්‍යන්තර කුමන්ත්‍රණ ආධාරයෙන් ජාතිවාදය නිර්මාණය කළේ” යැයි මාර්ග හා මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණයට සහය දීම වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික් මුස්ලිම් සංසදය විසින් සංවිධානය කර තිබූ උත්සව සභාව අමතමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

බහුතරයක් මුස්ලිම් ජනතාව එක්සත් ජාතික පක්ෂයට පක්ෂපාතී වුවත් පසුකාලීනව මහින්ද රාජපක්ෂ මහතා මුස්ලිම් ජනතාවගේ ගෞරවය සහ හොඳ හිත දිනා ගත් හෙයින් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වැළැක්වීමට නම් මුස්ලිම් ජනතාවගේ හෝ බෞද්ධ ජනතාවගේ ජන්ද කැඩිය යුතු බව ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරීන් දැනගත් බවයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ.

2015 දී මහින්ද රාජපක්ෂ මහතාව පරාජය කරල ගෙදර යැව්වා. නමුත් පසු කාලීනව ජනතාව තේරුම් ගත්තා ඔවුන් එදා ගත් තීරණය වැරදි බව. එම නිසා පසුගිය ජනාධිපතිවරණයේ දී ඔවුන් වැරදි තීරණය නිවැරදි කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට කෘතගුණ සැලකීමක් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාව මේ රටේ ජනාධිපති කළා. නැවතත් විපක්ෂය මහින්ද රාජපක්ෂ මැතිතුමා දිහා ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් බලනවා. මල්ලි ජනාධිපති අයියා අගමැති කියලා මේ දෙන්නාට මට ගහනවා.”

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

සුනිල් ජයවර්ධන ඝාතකයන් යළි රිමාන්ඩ්

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත්...

මේක රටට සේවයක් කරන්න බැරි දුර්වල රජයක්

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඉල්ලුම්කරන සියලුදෙනාට සියයට 4ක ණයක් ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්...

දෙමළ ජනතාවගේ සැබෑ නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් – මම හැමදාම ඒක කියනවා. පුළුවන් දෙයක් කරන්න

දිගින් දිගටම වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැන උදම් අනන උතුරේ දේශපාලන චරිතය පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේදීද එය ඒ ආකාරයෙන්ම සිදු කරගෙන යන බව දක්නට...

කුසල්ගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැර තිඛේ. ඒ ලක්ෂ...

පාඨක අදහස්