31 C
Colombo
Saturday, August 15, 2020
මුල් පිටුව උණුසුම් පුවත් දෙමළ ජනතාවගේ සැබෑ නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් - මම හැමදාම ඒක කියනවා. පුළුවන්...

දිගින් දිගටම වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැන උදම් අනන උතුරේ දේශපාලන චරිතය පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේදීද එය ඒ ආකාරයෙන්ම සිදු කරගෙන යන බව දක්නට ලැබේ.ඒ අනුව දෙමළ ජනතාවගේ ජාතික නායකයා එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් බව තමන් නැවත නැවතත් ප්‍රකාශ කරන බවත් මියගිය කොටි සාමාජිකයින් ඇතුළු සියළු පිරිස් වෙනුවෙන් අඛණ්ඩව පහන් දල්වන බවත් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු හා උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් පැවසීය.

තමන් අත්අඩංගුවට ගනු ලැබුවේ පෙරාතුවම අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුවකට බවත් තමන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ මරාගෙන මැරෙන බලඝන දිනය වන කළු කොටි දිනය සමරනු ඇතැයි වූ බියසැක මත වැල්වැටිතුරෙයි පොලිසිය අත්අඩංගුවට ගත් බවත් සිවාජිලිංගම් මහතා සදහන් කළේය.

තමන් අත්අඩංගුවට ගැනීම පිළිබද අද (6) අදහස් දක්වමින් සිවාජිලිංගම් මහතා මේ බව කියා සිටියේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ හෙතෙමමෙසේද කීය.

1987.07.05 වනදා තමයි එල්.ටී.ටී.ඊ සංවිධානයේ මරාගෙන මැරෙන බලඝනය (කළු කොටි) ආරම්භ වුනේ.එදින නිල්ලර් නැමති එල්.ටී.ටී.ඊ සාමාජිකයා තමයි යාපනය නෙල්ලිඅඩි හමුදා කදවුරට ප්‍රථම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කලේ.මේ නිසා තමයි ජුලි 05 වනදා කළුකොටි දිනය වශයෙන් සමරන්නේ.

මම කළුකොටි දිනය සමරන්න යනව කියල පොලිසියට තොරතුරක් ගිහින් තිබුණා.ඒ නිසා වැල්වැටිතුරෙයි පොලිසිය පේදුරුතුඩුව අධිකරණය මගින් නිකුත් කළ වරෙන්තුවකට අනුව මාව අත්අඩංගුවට ගත්තේ. ඒ වරෙන්තුව නිකුත් කරල තියෙන්නේ 2018.11.26 දින තිරුවිල් ක්‍රීඩාංගණයේ දී කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරීම සම්බන්ධයෙන් විභාග වන නඩුවකට නොයාම නිසයි.ඒක සති කිහිපයකට කලින් නිකුත් කරපු වරෙන්තුවක්.ඒ වරෙන්තුව පොලිසිය ඊයේ ප්‍රයෝජනයට ගත්‍තා.

මම එක දෙයක් කියන්න කැමතියි.එල්.ටී.ටී.ඊය සටන් කළේ දෙමළ ජනතාවගේ නිදහස උදෙසා වූ නිදහස් දෙමළ ඊලමක් වෙනුවෙන්. ප්‍රභාකරන් දෙමළ ජනතාවගේ නායකයා නිසා තමයි ශ්‍රී ලංකා රජයේ අගමැතිවරයා පවා සාම ගිවිසුමකට අත්සන් කලෙත්. දෙමළ ජනතාවගේ ජාතික නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් පමණයි.දෙමළ ජනතාවගේ ඒ හැගීම වෙනස් කරන්න කිසිවෙකුටත් බැහැ.

අපි අද කියන්නෙත් දෙමළ ජනතාවගේ නිදහස තවමත් හිමිවෙලා නැහැ කියන එකයි. ඒ ජනතාවගේ නිදහස වෙනුවෙන් අප ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක තවමත් නිරතව සිටිනවා.දෙමළ ජනතාවගේ නිදහස තහවුරු කිරීමට ඔවුනව ගෞරවනිය ජාතියක් ලෙස ජීවත් කරවීමට නම් එම ජනතාවට තනිව තීන්දු ගත හැකි ස්වයං පාලන ව්‍යූහයකින් යුත් දේශපාලන විසදුමක් හිමිවිය යුතුයි.

අපි එදා වගේම අදත් අද වගේම හෙටත් හෙට වගේම අනිද්දත් ප්‍රභාකරන් ප්‍රමුඛ එල්.ටී.ටී.ඊ සංවිධානයේ දිවිදුන් සාමාජිකයින් මෙන්ම මියගිය සිවිල් වැසියන් සිහිකර පහන් දල්වනවා.මියගිය කෙනෙක්ගේ ආත්ම ශාන්තිය වෙනුවෙන් පහනක් දල්වනව කියන්නේ වැරද්දක් නෙවෙයි.අපිව නවත්වන්න කාටවත් බැහැ. යැයිද සිවාජිලිංගම් සදහන් කලේය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

විදුර අසතුටෙන්.. රාජ්‍ය ඇමතිකම අත්හැරීමේ සූදානමක්

පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගත් විදුර වික්‍රමනායක මහතාද තමන්ට ලැබුණු රාජ්‍ය අමාත්‍ය...

සේනා යළිත් මතුවෙයි

මීට වසරකට පමණ ඉහතදී රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ සේනා දළඹු වසංගතය නැවතත් හිස ඔසවා ඇති බව වාර්තා වේ. ඒ බදුල්ල පස්සර...

මහින්ද විනාශ කළ ශ්‍රීලනිපයේ ඉතිර අඩ මෛත්‍රී ඉතා නීච ලෙස විනාශ කළා

දශක ගණනාවක් තිස්සේ රටේ තිබූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම විනාශ වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. තම පියා විසින්...

රාජ්‍ය ප්‍රධානීන් ලොක්ඩවුන් කාලෙත් ප්‍රවාහන දීමනා ගනී

කොරෝනා වසංගත තත්ත්වය නිසා රට lockdown කර තිබූ මාර්තු අප්‍රේල් හා මැයි මාස වලදීත් බොහොමයක් රජයේ නිලධාරීන් ප්‍රවාහන හා ඉන්ධන දීමනාව ලබාගෙන...

පාඨක අදහස්