31 C
Colombo
Saturday, August 15, 2020
මුල් පිටුව උණුසුම් පුවත් ජනාධිපතිතුමා කොරෝනා මර්ධනය කරා.. ඒ නිසා මම 'මාස්ක්' දාන්නේ නෑ

ලොව ප්‍රබලතම නායකයන්ටද පාලනය කළ නොහැකි වූ, හිසරදයක් වූ කොරෝනා වෛරසය පාලනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්ව ඇති හෙයින් කිසිදු බියකින් තොරව ජීවත් විය හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඩිලාන් පෙරේරා මහතා ජනහමුවකදී ප්‍රකාශ කළේ තමන් මුඛ ආවරණ භාවිතා නොකරන බවයි. කොරෝනාවලට බිය නොවී ජීවත් වීමට හැකියාව ලැබී ඇති බවත්, ඒ නිසා තමන්ගේ මුඛ ආවරණය වාහනයේ තබා රැස්වීමට පැමිණි බවත් ඩිලාන් පෙරේරා මහතා එහිදී පැවසීය.

මෙවැනි වාතාවරණයක් ඇති වූයේ පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ බැවින් බව පෙන්වා දෙන හිටපු මන්ත්‍රීවරයා පවසන්නේ එදා ගෝඨාභය රාජපක්ෂ පරාජයට පත්වූයේ නම් අද ඩොසර්වලින් මළමිනී වළ දමන තත්වයට පත්වන්නට ඉඩ තිබූ බවයි.

මේ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය මිල කළ නොහැකි බවද ඩිලාන් පෙරේරා මහතා පවසයි. එදා රටේ බහුතර ජනතාව ඡන්දයේ වටිනාකම නිවැරදිව තේරුම් ගෙන කටයුතු කළ බැවින් එවැනි අවාසනාවන්ත තත්වයක් ඇති නොවූ බවත්, මෙවරද බහුතර ජනතාව සිය ඡන්දයට එවැනිම වටිනාකමක් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කරයි.

කෙසේ වෙතත් අද උදෑසන හදිසියේම කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් කොරෝනා රෝගීන් 196ක් වාර්තා වීමත් සමඟ වෛද්‍යවරු ජනතාවට ප්‍රවේශම් වන ලෙස අනතුරු අඟවා තිබේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

විදුර අසතුටෙන්.. රාජ්‍ය ඇමතිකම අත්හැරීමේ සූදානමක්

පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගත් විදුර වික්‍රමනායක මහතාද තමන්ට ලැබුණු රාජ්‍ය අමාත්‍ය...

සේනා යළිත් මතුවෙයි

මීට වසරකට පමණ ඉහතදී රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ සේනා දළඹු වසංගතය නැවතත් හිස ඔසවා ඇති බව වාර්තා වේ. ඒ බදුල්ල පස්සර...

මහින්ද විනාශ කළ ශ්‍රීලනිපයේ ඉතිර අඩ මෛත්‍රී ඉතා නීච ලෙස විනාශ කළා

දශක ගණනාවක් තිස්සේ රටේ තිබූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම විනාශ වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. තම පියා විසින්...

රාජ්‍ය ප්‍රධානීන් ලොක්ඩවුන් කාලෙත් ප්‍රවාහන දීමනා ගනී

කොරෝනා වසංගත තත්ත්වය නිසා රට lockdown කර තිබූ මාර්තු අප්‍රේල් හා මැයි මාස වලදීත් බොහොමයක් රජයේ නිලධාරීන් ප්‍රවාහන හා ඉන්ධන දීමනාව ලබාගෙන...

පාඨක අදහස්