31 C
Colombo
Saturday, August 15, 2020
මුල් පිටුව ආර්ථික රජයේ අනුවණකම නිසා මාස හතරෙන් රටේ සමස්ත ණය කෝටි, ලක්ෂයකින් ඉහළ යයි..

මේ වසරේ පළමු මාස හතර තුළ පමණක් ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියනයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, 2019 වසර අවසානයේදී රුපියල් බිලියන 13,031.5ක් වූ ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය 2020 අප්‍රේල් මාසය අවසන් වෙද්දී රුපියල් බිලියන 14,024.7ක් බවට පත්ව තිබේ.

රජයේ දේශීය ණය වගේම විදේශීය ණයත් මේ කාලය ඇතුළත ඉහළ ගොස් ඇති බව පෙනෙනවා. දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,217.7 දක්වා 8.9%කින්ද, විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 6,807.1 දක්වා 6.3%කින්ද ඉහළ ගොස් තිබේ.

ලංකාවේ රාජ්‍ය ණය වසරින් වසර ඉහළ යාම සාමාන්‍ය දෙයක්. එහෙත්, මාස හතරක් ඇතුළත රුපියල් ට්‍රිලියනයකින් රාජ්‍ය ණය ඉහළ යාම වාර්තාගත වෙනසකි. පසුගිය 2019 වසර ආරම්භයේදී රුපියල් බිලියන 12,030.5ක් වූ ලංකාවේ රාජ්‍ය ණය රුපියල් බිලියන 13,031.5 දක්වා රුපියල් ට්‍රිලියනයකින් වැඩි වීමට වසරක් ගත වුනත් එම ණය ප්‍රමාණය තවත් රුපියල් ට්‍රිලියනයකින් ඉහළ යාමට ගත වී තිබෙන්නේ මාස හතරක් පමණි.

ඉහත ණය මුදල රටේ ජනගහණයෙන් බෙදූ විට පෙනෙන පරිදි ලංකාවේ රජය විසින් එක් වැසියෙකු වෙනුවෙන් රුපියල් 655,000ක් මේ වන විට ණය වී තිබේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

විදුර අසතුටෙන්.. රාජ්‍ය ඇමතිකම අත්හැරීමේ සූදානමක්

පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගත් විදුර වික්‍රමනායක මහතාද තමන්ට ලැබුණු රාජ්‍ය අමාත්‍ය...

සේනා යළිත් මතුවෙයි

මීට වසරකට පමණ ඉහතදී රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ සේනා දළඹු වසංගතය නැවතත් හිස ඔසවා ඇති බව වාර්තා වේ. ඒ බදුල්ල පස්සර...

මහින්ද විනාශ කළ ශ්‍රීලනිපයේ ඉතිර අඩ මෛත්‍රී ඉතා නීච ලෙස විනාශ කළා

දශක ගණනාවක් තිස්සේ රටේ තිබූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම විනාශ වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. තම පියා විසින්...

රාජ්‍ය ප්‍රධානීන් ලොක්ඩවුන් කාලෙත් ප්‍රවාහන දීමනා ගනී

කොරෝනා වසංගත තත්ත්වය නිසා රට lockdown කර තිබූ මාර්තු අප්‍රේල් හා මැයි මාස වලදීත් බොහොමයක් රජයේ නිලධාරීන් ප්‍රවාහන හා ඉන්ධන දීමනාව ලබාගෙන...

පාඨක අදහස්