31 C
Colombo
Saturday, August 15, 2020
මුල් පිටුව දේශපාලන මෛත්‍රී ඉන්නකොට ශ්‍රී ලංකාකාරයෝ කොහේද දේශපාලනය කරන්නේ

මෛත්‍රීපාල සිරිසේන මහතා පංච මහා බලවේගය අලියාගේ නැට්ටේ ගැට ගහද්දි සැබෑ ශ්‍රී ලංකාකාරයන්ට දේශපාලනය කිරීමට තැනක් නොතිබුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

හිටපු ජානාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් ශ්‍රී ලංකාකාරයින් දේශපාලන අනාථයින් වූ බවයි රණතුංග මහතා පෙන්වා දෙන්නේ.

එවැනි තත්ත්වයක් මත මෛත්‍රීට ගෑවුණු කෙනෙකුට හෝ ජන්දය දෙන එපා න්කියන විට දයාසිරි ජයසේකර මහතාට තරහ ගොස් ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

ඔවුන් උගත් වුනාට පනින ගෙම්බෝ වගේ පැනලා මෝඩයෝ වගේ කතාකරමින් සිටින බවයි රණතුංග මහතා පවසන්නේ.

මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෑවුණු කෙනෙකුට හෝ ජන්දය දෙන්න එපා යන්නෙන් ප්‍රසන්න රණතුංග මහතා කර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක සුසිල් ප්‍රේමජයන්ත් මහතා කියා සිටින්නේ පවත්නා Covid 19 තත්ත්වය හේතුවෙන් එවැනි ප්‍රක්ෂයක් සිදුකරන්නට ඇති බවයි.

“මේ දවස්වල ගෑවිලා ඉඳලා හරියන්නේ නැහැනේ. මීටරයක් දුරින් ඉන්න ඕනේ. ඒ අර්ථයෙන් වෙන්න ඇති ඕක කියන්න ඇත්තේ.” ඔය කතාව අනිල් ජාසිංහ මහත්තයගේ ප්‍රකාශවලටත් එහා ගියපු එකක් විය හැකි බවයි සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සඳහන් කරයි.

කෙසේවෙතත් යහපාලන ආණ්ඩුව සමයේ ජනාධිපතිතුමා එක පැත්තක අගමැතිතුමා තව පැත්තක සිටිමින් සිදුවූ කඹ ඇදිල්ල නිසා රට අඩපණ වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. එවැනි තත්ත්වයක ඇති වීමට ඉඩ නොදී රට ඉදිරියට ගෙනයාම සඳහා සිය කණ්ඩායමට තුනෙන් දෙකක් බලයක් ලබා ගැනීම අවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

විදුර අසතුටෙන්.. රාජ්‍ය ඇමතිකම අත්හැරීමේ සූදානමක්

පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගත් විදුර වික්‍රමනායක මහතාද තමන්ට ලැබුණු රාජ්‍ය අමාත්‍ය...

සේනා යළිත් මතුවෙයි

මීට වසරකට පමණ ඉහතදී රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ සේනා දළඹු වසංගතය නැවතත් හිස ඔසවා ඇති බව වාර්තා වේ. ඒ බදුල්ල පස්සර...

මහින්ද විනාශ කළ ශ්‍රීලනිපයේ ඉතිර අඩ මෛත්‍රී ඉතා නීච ලෙස විනාශ කළා

දශක ගණනාවක් තිස්සේ රටේ තිබූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම විනාශ වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. තම පියා විසින්...

රාජ්‍ය ප්‍රධානීන් ලොක්ඩවුන් කාලෙත් ප්‍රවාහන දීමනා ගනී

කොරෝනා වසංගත තත්ත්වය නිසා රට lockdown කර තිබූ මාර්තු අප්‍රේල් හා මැයි මාස වලදීත් බොහොමයක් රජයේ නිලධාරීන් ප්‍රවාහන හා ඉන්ධන දීමනාව ලබාගෙන...

පාඨක අදහස්