31 C
Colombo
Saturday, August 15, 2020
මුල් පිටුව උණුසුම් පුවත් නාත්තණ්ඩියට ආ උපදේශිකාවට කොවිඩ් නිසා බස්වල ගිය මිනිස්සු සොයා මෙහෙයුම්

නාත්තණ්ඩියට ආ උපදේශිකාවට කොවිඩ් නිසා බස්වල ගිය මිනිස්සු සොයා මෙහෙයුම්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ඊයේ (09දා) කොවිඩ් ආසාදිතයන් 56ක් හමුවීමත් සමග එම මධ්‍යස්ථානය ජංගම රෝහලක් බවට පත් කිරීමට පියවර ගෙන ඇත. අද උදෑසන වනවිට තවත් රෝගීන් 196ක් එම මධ්‍යස්ථානයෙන් වාර්තා වීම නිසා නැවතත් වෛද්‍යවරු අතර කැළඹීමක් හටගෙන තිබේ.

මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට නිවාඩු ලබා පැමිණි නාත්තණ්ඩිය කොට්ටාරමුල්ලේ පදිංචි උපදේශිකාවකටද කොවිඩ් ආසාදිත වී ඇති බව ඊයේ තහවුරු විය. විසි පස් හැවිරිදි මෙම තරුණිය මාරවිල මූලික රෝහලේදී සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයකදී ආසාදිතයකු බවට හඳුනාගෙන තිබේ. ඇය ඉකුත් 28දා පොළොන්නරුවේ සිට මාරවිලට මගී ප්‍රවාහන බස් රථයකින් පැමිණ දින හතරක් තිස්සේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇතැයි හෙළිවිය.

දින හැත්තෑවකට පසුව බාහිර සමාජයෙන් කොවිඩ් ආසාදිතයකු පළමු වරට හමුවූයේ මෙම උපදේශිකාව බවට සෞඛ්‍ය අංශ පවසයි.

ඇය පොළොන්නරුවේ සිට කුරුණෑගලටත්, දංකොටුවටත්, නාත්තණ්ඩියටත් බස් තුනකින් පැමිණ ඇති අතර නිවසට පැමිණි පසුව ඇඳුම් මසන ස්ථානයකට හා තවත් ස්ථාන කිහිපයකටද ගොස් ඇතැයි අනාවරණය වී ඇත. ඒ අනුව එම නිවෙස්වල අය හා උපදේශිකාවගේ මව හා පියා ස්වයං නිරෝධායනට ලක් කර ඇත.

මෙම කාන්තාවට පසුගිය 3 වැනිදා වනවිට කැස්ස තිබී ඇති අතර ඇයට කොවිඩ් ​වයිරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වී ඇත්තේ ඉන් පසුව කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු පැවැසුවාය.

මේ සමග පසුගිය දින කිහිපයේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ එකසිය හතළිස් හතර දෙනාගෙන් නිවාඩු ලබාගිය අය සොයා මෙහෙයුමක් අරඹා තිබිණි. උපදේශකයන් ඇතුළු පනහක පිරිසක් නිවාඩු ගොස් සිටියහ.

මීට අමතරව ඉකුත් 04 වැනිදා පුනරුත්ථාපනය වන රැඳවූවන්ගේ පවුල්වල අයද පන්සියකට වැඩි ප්‍රමාණයක් පැමිණ ගොස් ඇත. මෙම පිරිස්වල තොරතුරු සොයා විශේෂ විමර්ශනයක් අරඹා තිබිණි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට ඉකුත් 26 දා වැලිකඩට බන්ධනාගාර රැඳවූවා රැගෙන ආ අතර ඔහුට කොවිඩ් වැලඳීමත් සමග වැලිකඩ රැඳවූවන් හා නිලධාරීන් 315කට පී.සී.ආර්. පරීක්ෂණ කර ඇත. ඉන් කිසිවකුත් ආසාදිතයන් නොවන බවට තහවුරු වූ බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක තහවුරු කළේය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය හා කොවිඩ් නිරෝධායන මධ්‍යස්ථානය අතර ඇත්තේ මීටර් සියයක දුරකි. නිරෝධායනයට ලක් කළ සුදුවැල්ලේ කොවිඩ් රැල්ලට හසුවූ මත්කුඩු ආසාදිතයන් හැට දෙනකු ඉකුත් මැයි 12 දා සිට අධිකරණ නියෝගයකින් මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමු කර තිබිණි.

එම පිරිස අතරේ සිටි අයට රෝගය තිබී ආසාදනය වී ඇතැයි සැකපහල කර ඇත. කෙසේ වෙතත් මෙය දරුණු රෝගී තත්ත්වයක් නොවන බවත්, ආසාදිතයන්ට බාහිර රෝල ලක්ෂණ නොපෙන්වන බවත් එහි ආරංචි මාර්ග කියයි.

මෙම මධ්‍යස්ථානයේ සේවය සඳහා දිනපතා මනම්පිටිය, සිංහපුර, වැලිකන්ද ප්‍රදේශවල සිට කාර්ය මණ්ඩලයේ අය සේවයට පැමිණෙන අතර ඒ අය අතර වයිරසය පැතිරීයාමක් සිදුවිය හැකි නිසා එම පවුල්වල අයද පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතය.

‘‘අපි මෙම මධ්‍යස්ථානයම වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කරලා සියලු දෙනා ස්වයං නිරෝධායනයට ලක් කරනවා. එපමණක් නොවෙයි අපි මේ සියලු දෙනාගේ රෝගී තත්ත්වයන් නිරන්තරයෙන් අධීක්ෂණය කරනවා. අසාධ්‍ය මට්ටමේ රෝගීන් වාර්තා වුණොත් ඔවුන් වැලිකන්ද හා අංගොඩ අයි.ඩී.එච්. රෝහලටත් මාරුකරන්න කටයුතු කරනවා. මොවුන් දැනට එහෙම අසාධ්‍ය තත්ත්වයේ නෑ. අපි ඒ සියලු දෙනාට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබා දෙනවා. මෙම කඳවුරේ රැඳවූවන් හා නිලධාරීන් සියලු දෙනා අපි පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කළා. දැන් ඒ සියලු දෙනාම ස්වයං නිරෝධායනයට යොමුකරලා තියෙනවා. එම ස්ථානයේම 250 දෙනකු එක වරම මතුවීම තරමක් සංකීර්ණ තත්ත්වයක් නිර්මාණය කරන්නක්. ඒ නිසා අපි කාර්යක්ෂම මේ කටයුතු සොයා බලා කටයුතු කරනවා’’ යැයි පොළොන්නරුව වැඩ බලන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ පැවසීය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

විදුර අසතුටෙන්.. රාජ්‍ය ඇමතිකම අත්හැරීමේ සූදානමක්

පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගත් විදුර වික්‍රමනායක මහතාද තමන්ට ලැබුණු රාජ්‍ය අමාත්‍ය...

සේනා යළිත් මතුවෙයි

මීට වසරකට පමණ ඉහතදී රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ සේනා දළඹු වසංගතය නැවතත් හිස ඔසවා ඇති බව වාර්තා වේ. ඒ බදුල්ල පස්සර...

මහින්ද විනාශ කළ ශ්‍රීලනිපයේ ඉතිර අඩ මෛත්‍රී ඉතා නීච ලෙස විනාශ කළා

දශක ගණනාවක් තිස්සේ රටේ තිබූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම විනාශ වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. තම පියා විසින්...

රාජ්‍ය ප්‍රධානීන් ලොක්ඩවුන් කාලෙත් ප්‍රවාහන දීමනා ගනී

කොරෝනා වසංගත තත්ත්වය නිසා රට lockdown කර තිබූ මාර්තු අප්‍රේල් හා මැයි මාස වලදීත් බොහොමයක් රජයේ නිලධාරීන් ප්‍රවාහන හා ඉන්ධන දීමනාව ලබාගෙන...

පාඨක අදහස්