31 C
Colombo
Saturday, August 15, 2020
මුල් පිටුව උණුසුම් පුවත් "මාධ්‍යවේදියාට හිරිහැර කළේ පෙනුම හරි නැති නිසා"- නියෝමාල් රංගජීව

අලුත්කඩේ උසාවි සංකීර්ණ පරිශ්‍රය තුළදී මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කිරීම, ඔහුට හිරිහැර කිරීම සම්බන්ධයෙන්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සමාව ඉල්ලා ඇති බව වාර්තා වේ.

බස්නාහිර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කාර්යාලයේ පැවති ‍මාධ්‍ය හමුවකදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව නියෝමාල් රංගජීව මහතා ප්‍රකාශ කර තිබේ.

එහිදී ඔහු සඳහන් කළේ අදාල මාධ්‍යවේදියාගේ පෙනුම සම්බන්ධයෙන් සැක සහිත වූ බැවින් තමාගේ ආරක්ෂාව සඳහා එවැනි පියවරක් ගැනීමට සිදු වූ බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංගජීව මහතා,

‘උසාවියෙදි ඕන තරම් මිනී මරලා තියනවා, අපරාධ කරලා තියනවා. ඒ නිසා මාධ්‍ය හැඳුණුම්පතක් හදාගෙන ඕන කෙනෙකුට උසාවිය ඇතුළට ඕනනං එන්න පුලුවන්. මාධ‍වේදියා කියන එයාගෙ පෙනුම සැක සහිත උනා. මම කවදාවත් මූණ වහගෙන ආපු කෙනෙක් නෙවෙයි. ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මිස මාධ්‍යවේදීන් එක්ක මට ගැටුමක් නෑ. මම ඒ වෙලාවෙත් ඒ මල්ලිත් එක්ක කතා කරල කිව්වා පෙනුම අවුල් නිසා තමයි ඒ වගේ ප්‍රශ්නයක් උනේ කියලා. ඒක දැක්මෙ අවුලක්. නැතුව මට මාධ්‍යවේදීන් එක්ක ප්‍රශ්නයක් නෑ. ඒත් ඒ වෙනකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. මම ඒ සම්බන්ධයෙන් සමාව අයැද සිටිනවා.’

ඒ අනුව ඉදිරියේදී තමන්ගේ පිළිවෙල පිළිබඳ මාධ්‍යවේදීන්ට වෙනදාට වඩා සැලකිලිමත් වන්නට සිදුවනු ඇත. එසේ නොමැති වුවහොත් මෙවැනි කරදරවලට ලක්වීමට සිදුවනු ඇත. ඇතැම්විට ඉදිරියේදී අඟුලාන පොලීසියේ වැනි නිළධාරීන් මාධ්‍යවේදීන්ගේ පෙනුම අප්සට් යැයි කියමින් ආත්මාරක්ෂාවට වෙඩි තැබීමට වුවද පසුබට නොවනු ඇත.

ඒ නිසා තමන්ගේ ආත්මාරක්ෂාව වෙනුවෙන් අද සිට මාධ්‍යවේදීන්ට තමන්ගේ පෙනුම පිළිබඳව වෙනදාට වඩා සැළකිල්ලක් යොමු කිරීම අතිශය වැදගත් වනු ඇත.

අදාල සිදුවීම සම්බන්ධයෙන්, අගතියට පත් මාධ්‍යවේදියා විසින් ඊයේ පොලීසියට පැමිණිල්ලක් සිදුකළ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස රජයේ ප්‍රවෘත්ති අධක්ෂන ජනරාල්වරයා ද වැඩබලන පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබේ.

මෙම මාධ්‍යවේදියා උසාවි සංකීර්ණය තුළ සිය මාධ්‍ය රාජකාරිය සිදු කරමින් සිටියදී, නඩු කටයුත්තක් සඳහා පැමිණි පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතාගේ ඡායාරූප කිහිපයක් ලබාගෙන තිබේ. ඉන් අනතුරුව රංගජීව මහතා අදාල මාධ්‍යවේදියාගේ කමිසයෙන් ඇදගෙන ඔහුව පොලිස් මුරපොල වෙත රැගෙන ගොස් ඇති අතර මාධ්‍යවේදියා සතු කැමරි චිප් දෙකක්ද බලහත්කාරයෙන් පැහැරගෙන තිබිණි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

විදුර අසතුටෙන්.. රාජ්‍ය ඇමතිකම අත්හැරීමේ සූදානමක්

පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගත් විදුර වික්‍රමනායක මහතාද තමන්ට ලැබුණු රාජ්‍ය අමාත්‍ය...

සේනා යළිත් මතුවෙයි

මීට වසරකට පමණ ඉහතදී රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ සේනා දළඹු වසංගතය නැවතත් හිස ඔසවා ඇති බව වාර්තා වේ. ඒ බදුල්ල පස්සර...

මහින්ද විනාශ කළ ශ්‍රීලනිපයේ ඉතිර අඩ මෛත්‍රී ඉතා නීච ලෙස විනාශ කළා

දශක ගණනාවක් තිස්සේ රටේ තිබූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම විනාශ වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. තම පියා විසින්...

රාජ්‍ය ප්‍රධානීන් ලොක්ඩවුන් කාලෙත් ප්‍රවාහන දීමනා ගනී

කොරෝනා වසංගත තත්ත්වය නිසා රට lockdown කර තිබූ මාර්තු අප්‍රේල් හා මැයි මාස වලදීත් බොහොමයක් රජයේ නිලධාරීන් ප්‍රවාහන හා ඉන්ධන දීමනාව ලබාගෙන...

පාඨක අදහස්