31 C
Colombo
Saturday, August 15, 2020
මුල් පිටුව තාක්ෂණික උණ-සෙම්ප්‍රතිශ්‍යාව මෙන් කොවිඩ් ද යළි යළි වැලඳෙනවා

උණ-සෙම්ප්‍රතිශ්‍යාව මෙන් කොවිඩ් ද යළි යළි වැලඳෙනවා

කොවිඩ් -19 වයිරසය නැවත නැවත වැලඳීමේ අවදානමක් පවතින බව පර්‌යේෂණයකින් හෙළිවී තිබේ.

එම පර්‌යේෂණයට අනුව කොවිඩ් -19 වයිරසය සඳහා ප්‍රතිශක්තිය ලබාදෙන රුධිර ප්‍රතිදේහ මාස කිහිපයකදී ක්ෂය වී (අඩුවී) යයි. සාමාන්‍ය උණ හා සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වවලදී සිදුවන්නේද එයමය. ප්‍රතිදේහ අඩුවූ විට කොවිඩ් -19 වයිරසය යළි ආසාදනය විය හැකි බව පර්‌යේෂකයෝ පවසති.

එම පර්‌යේෂණයට අනුව කොවිඩ්- 19 ආසාදිත පුද්ගලයන්ගේ ශරීරවල වයිරසය ක්‍රියාත්මක වන උච්චතම අවස්ථාවේ රුධිරයේ ශක්තිමත් ප්‍රතිදේහ 60%ක් පමණ වර්ධනය වන අතර මාස තුනකට පසුව එම ප්‍රතිදේහ මට්ටම 17%ක් දක්වා අඩු වන බව හඳුනාගෙන ඇත. ඇතැම් ආසාදිත පුද්ගලයන්ගේ රුධිරයේ ප්‍රතිදේහ මට්ටම ආසාදනයෙන් මාස 03කට පසුව බිංදුව (0) දක්වා අඩුවී ඇතැයිද පර්‌යේෂකයෝ පවසති.

පර්‌යේෂකයන් පවසන්නේ මෙම අනාවරණය කොවිඩ් -19 වයිරසයට එරෙහි එන්නතක් නිර්මාණය කිරීමේ යෙදී සිටින විශේෂඥයන් තවදුරටත් අසීරුතාවට පත් කරවන්නක් බවයි. මෙම තත්ත්වය මත නිර්මාණය කෙරෙන එන්නතක් වඩාත් ශක්තිමත් විය යුතු බවද එම නිසා එන්නතක් නිර්මාණය කිරීමේ කාලය තවදුරටත් දීර්ඝවනු ඇතැයිද පර්යේෂකයෝ පවසති. විශේෂයෙන්ම එන්නත්වල දිගුකාලීන කාර්යක්ෂමතාවට මෙම අවදානම දැඩිව බලපාන බව චීනයේ වූහාන් සහ එක්සත් ජනපදයේ ටෙක්සාස් විශ්වවිද්‍යාලවල මීට පෙර සිදුකළ මෙවැනිම පරීක්ෂණවලින් නිල නොවන ආකාරයෙන් තහවුරු කර ඇතැයිද චයිනා ඩේලි පුවත් සේවය වාර්තා කරයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

විදුර අසතුටෙන්.. රාජ්‍ය ඇමතිකම අත්හැරීමේ සූදානමක්

පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගත් විදුර වික්‍රමනායක මහතාද තමන්ට ලැබුණු රාජ්‍ය අමාත්‍ය...

සේනා යළිත් මතුවෙයි

මීට වසරකට පමණ ඉහතදී රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ සේනා දළඹු වසංගතය නැවතත් හිස ඔසවා ඇති බව වාර්තා වේ. ඒ බදුල්ල පස්සර...

මහින්ද විනාශ කළ ශ්‍රීලනිපයේ ඉතිර අඩ මෛත්‍රී ඉතා නීච ලෙස විනාශ කළා

දශක ගණනාවක් තිස්සේ රටේ තිබූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම විනාශ වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. තම පියා විසින්...

රාජ්‍ය ප්‍රධානීන් ලොක්ඩවුන් කාලෙත් ප්‍රවාහන දීමනා ගනී

කොරෝනා වසංගත තත්ත්වය නිසා රට lockdown කර තිබූ මාර්තු අප්‍රේල් හා මැයි මාස වලදීත් බොහොමයක් රජයේ නිලධාරීන් ප්‍රවාහන හා ඉන්ධන දීමනාව ලබාගෙන...

පාඨක අදහස්