31 C
Colombo
Saturday, August 15, 2020
මුල් පිටුව ක්‍රීඩා වසර තුනකදී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි තුනක්

වසර තුනකදී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි තුනක්

2021 වසරේ සිට ඉදිර වසර තුන තුලදී ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය තුනක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ මෙම වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ 20-20 ලෝක කුසලානය ලබන වසර දක්වා කල් දැමීමට සිදුවීම හේතුවෙනි.

වසර දෙකකට වරක් පැවත්වෙන 20-20 ලෝක කුසලාන තරගාවලිය ලබන ඔක්තෝබර් මාසයේදී ඕස්‍ට්‍රේලියාවේදී ආරම්භවීමට නියමිතව තිබිණි. කෙසේ වෙතත් කොවිඩ් වෛරසයේ බලපෑමෙන් මිදීමට තවමත් අසමත් වීම හේතුවෙන් මෙම තරගාවලිය කල් දැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. ඒ පිළිබඳ නිළ තීරණය ඊයේ (20) ප්‍රකාශයට පත් කෙරිණි.

ඒ අනුව මෙම තරගාවලිය ලබන වසරේ ඔක්තෝබර් – නොවැම්බර් මාසවලදී පැවැත්වෙනු ඇත.

2022 වසරේදී පැවැත්වීමට සැළසුම් කර ඇති ඊළඟ 20-20 ලෝක කුසලාන තරගාවලියද නියමිත පරිදි පැවැත්වේ. ඉන් අනතුරුව 2023 වස‍රේදී එක්දින ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතය.

කොවිඩ් වෛරසය හේතුවෙන් විරාමයක් හිමි වූ ජාත්‍යන්තර ක්‍රිකට් කාලසටහන පසුගිය 08 වැනිදා එංගලන්තයේදී ආරම්භ කෙරිණි. ඒ එංගලන්ත – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියෙනි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

විදුර අසතුටෙන්.. රාජ්‍ය ඇමතිකම අත්හැරීමේ සූදානමක්

පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගත් විදුර වික්‍රමනායක මහතාද තමන්ට ලැබුණු රාජ්‍ය අමාත්‍ය...

සේනා යළිත් මතුවෙයි

මීට වසරකට පමණ ඉහතදී රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ සේනා දළඹු වසංගතය නැවතත් හිස ඔසවා ඇති බව වාර්තා වේ. ඒ බදුල්ල පස්සර...

මහින්ද විනාශ කළ ශ්‍රීලනිපයේ ඉතිර අඩ මෛත්‍රී ඉතා නීච ලෙස විනාශ කළා

දශක ගණනාවක් තිස්සේ රටේ තිබූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම විනාශ වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. තම පියා විසින්...

රාජ්‍ය ප්‍රධානීන් ලොක්ඩවුන් කාලෙත් ප්‍රවාහන දීමනා ගනී

කොරෝනා වසංගත තත්ත්වය නිසා රට lockdown කර තිබූ මාර්තු අප්‍රේල් හා මැයි මාස වලදීත් බොහොමයක් රජයේ නිලධාරීන් ප්‍රවාහන හා ඉන්ධන දීමනාව ලබාගෙන...

පාඨක අදහස්