31 C
Colombo
Friday, October 30, 2020
මුල් පිටුව විදෙස් ගොසිප් හැමදාම වැඩට යන්න පරක්කු වෙන නිසා මාර්ග සංඥා වෙනස් කළ අපූරු චීන...

තමන්ගේ දෛනික ගමනාගමන කටයුතු පහසු කරගැනීමේ අරමුණින් මාර්ග සලකුණු වෙනස් කර තමන්ට රිසි පරිදි නැවත අඳින පුද්ගලයෙකු CCTV දර්ශන මගින් හසු කර ගැනීමෙන් පසු දඩ ගැසීමට චීන පොලිස් නිලධාරීන් කටයුතු කර තිබේ.

28 හැවිරිදි කායි නම් එම පුද්ගලයා ජියන්සු පළාතේ නැගෙනහිරදිග ලියන්යුගැන්ග් නගරයේ මෙම කාර්යයේ නිරත වී ඇති අතර අත්අඩංගුවට ගැනීමෙන් පසු යුවාන් 1000ක (රුපියල් 23205ක) පමණ දඩ මුදලක් නියම කර තිබේ.

සුදු තීන්ත බාල්දියක් ගෙන මාර්ග සලකුණු නව දිසාවන්ට යොමුවන පරිදි අඳිමින් සිටින අයුරු සැප්තැම්බර් 27 දින කැමරාවේ සටහන් වී ඇත. දිනපතා ඔහු වැඩට යන බස් රථය දීර්ඝ වේලාවක් වාහන තදබදයට ගොදුරු වන නිසා නියමිත වෙලාවට වැඩට යාමට නොහැකි වීම නිසා කලකිරීමට පත්වීම නිසා මෙවැනි ක්‍රියාවක් සිදු කිරීමට පෙලඹී ඇති බව පොලිසිය පවසයි.

“මම දැක්ක කෙලින් යන්න තියෙන මංතීරුව හැම වෙලාවෙම කාර් වලින් පිරිල තියෙනව, ඒත් වමට හරවන්න තියෙන එකේ ගොඩක් ඉඩ තියෙනව”
“ඉතින් මම හිතුව සළකුණු වෙනස් කලහම මගෙ ගමන පහසු වෙයි කියල” ඔහු පොලිසියට පවසා ඇත.

රථවාහන පොලිසිය මොඩර්න් එක්ස්ප්‍රස් පුවත් සේවයට පවසා ඇත්තේ තමන් කායිගේ මෙම හැසිරීම “ඉතා අනතුරුදායක” යයි තමන් සිතූ බවත් ඒ තුලින් වාහන එකිනෙක ගැටී අනතුරු ඇති වීමට හේතු වියහැකි බවත්ය. අනතුරුව නැවත මාර්ග සලකුණු තිබූ පරිදි වෙනස් කිරීමටද ඔවුන් සේවකයන් යොදවා ඇත.

මෙය චීන ජාතිකයන් තමන්ගේම මාර්ග නීති සකසා ගැනීම සඳහා තම කලා ශිල්ප හැකියාව යොදාගත් පළමු වතාව නොවේ.

නැගෙනහිර ශේජියන්ග් ප්‍රදේශයේ රියදුරෙකු හුණු කැටයක් භාවිතා කරමින් තමන්ටම කියා වාහනය ගාල් කිරීමට තැනක් පාරේ අඳින අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණ අතර ඔහුටද දඩ ගෙවා නිදහස් වීමට සිදුවිය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

පවිත්‍රාගේ බලපෑමට සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ධූරයට හිතවතෙක්

ජ්‍යෙෂ්ඨත්වය නොසලකා හැර කනිෂ්ඨ නිලධාරියකු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම වහා නිවැරැදි කරන්නැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සෞඛ්‍ය ඇමැතිවරියගෙන්...

ආසාදිතයින් 414ක් හදුනා ගැනේ

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 414දෙනෙකු හදුනාගෙන තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ එම ආසාදිතයින්ගෙන් 62දෙනෙකු නිරෝධායනය වෙමින් සිටි...

කොරෝනා මරණ අසාමාන්‍ය ලෙස ඉහල යාමේ අවදානමක්

මෙරට කොරෝනා හා මරණ සංඛ්‍යාව ඉහළ යාම යම්කිසි බරපතල තත්ත්වයක් බව සියලු දෙනා අවබෝධ කරගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන්...

20වැනි සංශෝධනය අද සිට බලාත්මක වේ

පසුගිය දා පාර්ලිමේන්තුවේදී සම්මත වූ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් කර තිබේ. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්...

පාඨක අදහස්