31 C
Colombo
Saturday, August 15, 2020
මුල් පිටුව ක්‍රීඩා මයික් ටයිසන් යළිත් බොක්සිං පිටියට

ලොව ප්‍රමුඛතම බොක්සිං ක්‍රීඩකයකු ලෙසින් සැලකෙන හෙවිවේට් ශූර මයික් ටයිසන් නැවතත් බොක්සිං වළල්ලට එක්වීමේ සූදානමක් සම්බන්ධයෙන් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඒ අනුව 2005 වසරින් පසුව හෙවිවේට් බොක්සිං ක්‍රීඩාවට සමුදුන් මේ වනවිට 54 හැවිරිදි මයික් ටයිසන් එළැඹෙන සැප්තැම්බර් මස 12 වැනිදා තවත් හෙවිවේට් ශූරයකු වන රෝයි ජෝන්ස් සමඟින් ප්‍රදර්ශන බොක්සිං තරගයක් සඳහා සහභාගි වීමට නියමිත අතර, මෙම තරගය වට අටකින් සමන්විත වීමද විශේෂත්වයකි.

‘ඩිග්නිටි හෙල්ත් ස්පෝර්ට්ස් පාර්ක්’ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම ප්‍රදර්ශන බොක්සිං තරගය සජීවීව නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමි නොවන අතර, සමාජ මාධ්‍ය, අන්තර් ජාලය සහ රූපවාහිනිය ඔස්සේ මෙම තරගය නැරඹීමට අවස්ථාව හිමිවේ.

මෙම තරගයේදී ටයිසන්ගේ ප්‍රතිවාදියා වන 51 හැවිරිදි රෝයි ජෝන්ස් 2003 වසරේදී ලෝක හෙවිවේට් කිරුළ දිනා ගත් අතර, බොක්සිං ඉතිහාසයේ වසර 106කට පසුව හෙවිවේට් කිරුළට හිමිකම් කියූ පළමු මිඩ්ල්වේට් ශූරයා වශයෙන්ද ඔහු වාර්තා අතරට එක්ව ඇත.

කෙසේ වෙතත් 1986 වසරේදී 20 හැවිරිදි වියේ පසුවන අවස්ථාවේදී ලෝක හෙවිවේට් බොක්සිං කිරුළ හිමිකරගත් මයික් ටයිසන් එම දස්කම දැක්වූ ලොව ලාබාලතමයා වශයෙන්ද ඉතිහාසයට එක්විය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

විදුර අසතුටෙන්.. රාජ්‍ය ඇමතිකම අත්හැරීමේ සූදානමක්

පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගත් විදුර වික්‍රමනායක මහතාද තමන්ට ලැබුණු රාජ්‍ය අමාත්‍ය...

සේනා යළිත් මතුවෙයි

මීට වසරකට පමණ ඉහතදී රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ සේනා දළඹු වසංගතය නැවතත් හිස ඔසවා ඇති බව වාර්තා වේ. ඒ බදුල්ල පස්සර...

මහින්ද විනාශ කළ ශ්‍රීලනිපයේ ඉතිර අඩ මෛත්‍රී ඉතා නීච ලෙස විනාශ කළා

දශක ගණනාවක් තිස්සේ රටේ තිබූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම විනාශ වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. තම පියා විසින්...

රාජ්‍ය ප්‍රධානීන් ලොක්ඩවුන් කාලෙත් ප්‍රවාහන දීමනා ගනී

කොරෝනා වසංගත තත්ත්වය නිසා රට lockdown කර තිබූ මාර්තු අප්‍රේල් හා මැයි මාස වලදීත් බොහොමයක් රජයේ නිලධාරීන් ප්‍රවාහන හා ඉන්ධන දීමනාව ලබාගෙන...

පාඨක අදහස්