31 C
Colombo
Saturday, August 15, 2020
මුල් පිටුව ආර්ථික ඊ.ටී.එෆ් පොලිය අඩු කරයි.. ජනතාවට දැවැන්ත අසාධාරණයක්

සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ ඊ ටී එෆ් (ETF) සාමාජිකයන්ගේ මුදල් සඳහා ඉකුත් වසර වෙනුවෙන් ගෙවන පොලිය 8%ක් දක්වා අඩු කර ඇත.

මීට පෙර ගෙවනු ලැබූ පොලිය වූයේ 9% ක් බවත්, එය 8%ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවත්, සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (සාමාජික සේවා) ටී. මල්ලිකාරච්චි සඳහන් කරයි.

මෙම පොලී අඩු කිරීම නිසා සාමාන්‍ය ජනතාවට දැවැන්ත අසාධාරණයක් වන බවද සාමාන්‍යාධිකාරීවරයා පෙන්වා දෙයි.

මේ අතර සේවා නියුක්තියන්ගේ භාර අරමුදල බරපතල කඩාවැටීමකට ලක්ව ඇතැයි පෙන්වා දෙමින් ඊටීඑෆ් සුරැකීමේ සේවක සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර ඇත. මුදල් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලය සාමජිකත්වය ලක්ෂ 25ක් ඉක්මවා ඇති බවත් රුපියල් බිලියන 350 ඉක්ම වූ මුදලක් ඇති බවත් එම ලිපියෙන් සඳහන් කරන ඊ ටී එෆ් සුරැකීමේ සේවක සංගමය ක්මණින්ම මූල්‍ය ක්‍ෂේත්‍රයේ ඉහළම දැනුමක් ඇති අයෙකු අරමුදලේ ඉහළ තනතුරකට පත් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

විදුර අසතුටෙන්.. රාජ්‍ය ඇමතිකම අත්හැරීමේ සූදානමක්

පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගත් විදුර වික්‍රමනායක මහතාද තමන්ට ලැබුණු රාජ්‍ය අමාත්‍ය...

සේනා යළිත් මතුවෙයි

මීට වසරකට පමණ ඉහතදී රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ සේනා දළඹු වසංගතය නැවතත් හිස ඔසවා ඇති බව වාර්තා වේ. ඒ බදුල්ල පස්සර...

මහින්ද විනාශ කළ ශ්‍රීලනිපයේ ඉතිර අඩ මෛත්‍රී ඉතා නීච ලෙස විනාශ කළා

දශක ගණනාවක් තිස්සේ රටේ තිබූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම විනාශ වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. තම පියා විසින්...

රාජ්‍ය ප්‍රධානීන් ලොක්ඩවුන් කාලෙත් ප්‍රවාහන දීමනා ගනී

කොරෝනා වසංගත තත්ත්වය නිසා රට lockdown කර තිබූ මාර්තු අප්‍රේල් හා මැයි මාස වලදීත් බොහොමයක් රජයේ නිලධාරීන් ප්‍රවාහන හා ඉන්ධන දීමනාව ලබාගෙන...

පාඨක අදහස්