31 C
Colombo
Saturday, August 15, 2020
මුල් පිටුව විදෙස් පුවත් ඔස්ට්‍රේලියාවේ සාත්තු නිවාස වෙත හදිසි ප්‍රතිචාර කණ්ඩායම්

ඔස්ට්‍රේලියාවේ සාත්තු නිවාස වෙත හදිසි ප්‍රතිචාර කණ්ඩායම්

ඔස්ට්‍රේලියාව තුළ මේ වනවිට නව කොරෝනා වෛරසය පැතිරීමේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති වික්ටෝරියා ප්‍රාන්තය තුළ වෛරසය පාලනය කිරීම සඳහා මෙල්බර්න් සාත්තු නිවාස වෙත ඔස්ට්‍රේලියානු වෛද්‍ය ආධාර කණ්ඩායම (AUSMAT) යොදවා තිබේ.

AUSMAT කණ්ඩායම් සාමාන්‍යයෙන් ආපදා කලාප වෙත යවනු ලබන අතර වෛද්‍යවරුන්, හෙදියන්, පරිපූරක වෛද්‍යවරුන්, විකිරණවේදීන් සහ ඖෂධවේදීන් ඊට ඇතුළත් වේ.

ඔස්ට්‍රේලියාවේ ජාතික නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය නිලධාරි නික් කෝට්ස්වර්ත් මාධ්‍ය වෙත කියා සිටියේ, මෙම සාත්තු නිවාස හා සම්බන්ධ සක්‍රීය රෝගීන් 679කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ වී ඇති බවත්, හැකි ඉක්මනින් මෙම ආසාදිතයන් ඉස්මතුවීම පාලනය කර ගැනීම ඉතා වැදගත් බවත්ය.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාදිතයන් 295ක් පමණ අද (29දා) ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය පවසයි. ආරම්භයේ සිටම වඩාත් ප්‍රශ්ත අයුරින් වෛරසය පාලනය කිරීමට ක්‍රියාකළ ඔස්ට්‍රේලියාව තුළ මේ වනවිට ඇතිවී තිබෙන මෙම තත්ත්වය සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 15,300 ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව 167ක් ලෙස සටහන් වෙයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

විදුර අසතුටෙන්.. රාජ්‍ය ඇමතිකම අත්හැරීමේ සූදානමක්

පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගත් විදුර වික්‍රමනායක මහතාද තමන්ට ලැබුණු රාජ්‍ය අමාත්‍ය...

සේනා යළිත් මතුවෙයි

මීට වසරකට පමණ ඉහතදී රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ සේනා දළඹු වසංගතය නැවතත් හිස ඔසවා ඇති බව වාර්තා වේ. ඒ බදුල්ල පස්සර...

මහින්ද විනාශ කළ ශ්‍රීලනිපයේ ඉතිර අඩ මෛත්‍රී ඉතා නීච ලෙස විනාශ කළා

දශක ගණනාවක් තිස්සේ රටේ තිබූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම විනාශ වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. තම පියා විසින්...

රාජ්‍ය ප්‍රධානීන් ලොක්ඩවුන් කාලෙත් ප්‍රවාහන දීමනා ගනී

කොරෝනා වසංගත තත්ත්වය නිසා රට lockdown කර තිබූ මාර්තු අප්‍රේල් හා මැයි මාස වලදීත් බොහොමයක් රජයේ නිලධාරීන් ප්‍රවාහන හා ඉන්ධන දීමනාව ලබාගෙන...

පාඨක අදහස්