31 C
Colombo
Saturday, August 15, 2020
මුල් පිටුව විදෙස් පුවත් ආසියාවේ දෙවැනි කොවිඩ් රැල්ල වේගයෙන් ඉහළ නඟී

ආසියාවේ දෙවැනි කොවිඩ් රැල්ල වේගයෙන් ඉහළ නඟී

ආසියානු කලාපයේ බොහෝ රටවල් දෙවැනි වරටත් කොවිඩ් වයිරසයේ දරුණු වර්ධනයකට මුහුණ දී ඇති අතර වසංගතය පාලනය කිරීම සඳහා යළිත් වරක් දැඩි නියාමනයන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටී.

චීනයේ ප්‍රධාන භූමිය තුළ මාස කිහිපයකට පසු වඩාත් ආක්‍රමණශීලී ලෙස කොවිඩ් වසංගතය පැතිර යමින් තිබේ. ඉරිදා දිනය තුළ එරටින් නව රෝගීන් 57ක් හමුවී ඇත. මොවුන් විදෙස්වල සිට පැමිණි පුද්ගලයන් නොවන අතර ඔවුන්ට රෝගය වැලඳී ඇත්තේ සිය රට තුළදීමය.

හොංකොං පුරවරයද මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් එළිමහනේදී මුහුණු ආවරණ පැලඳීම අනිවාර්ය කිරීම හා අවන්හල් තුළ ආහාරගැනීම තහනම් කිරීම ඇතුළු සීමාවන් බදාදා සිට බලපැවැත්වෙන පරිදි ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය හොංකොං අවන්හල්වලදී ආහාර ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් කළ පළමු අවස්ථාව වනු ඇත.

මේ අතර සාර්ථක ලෙස කොවිඩ් වසංගතය මර්දනය කළ බවට මුලින් වාර්තා වූ වියට්නාමය විසින් ඩැනෑං (Danang) නගරය අගුළු දමනු ලැබ ඇත.

ඕස්ට්‍රේලියාවේ දිනපතා වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවද වේගයෙන් ඉහළ යමින් තිබේ. ගිනිකොනදිග වික්ටෝරියා ප්‍රාන්තයෙන් දිනපතා ඉහළම ආසාදන වැඩි වීම් වාර්තා වන බැවින්, එම අවදානම් තත්ත්වය පුළුල් ජාතික ව්‍යාප්තියක් දක්වා පැතිරීම වැළැක්වීමට සියලු උත්සාහයන් දරන බවත් ඒ වෙනුවෙන් සති හයක අගුළු දැමීමක් ප්‍රකාශයට පත් කිරීමට සිදු වනු ඇති බවටත් ඕස්ට්‍රේලියානු බලධාරීහු අනතුරු අඟවති.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

විදුර අසතුටෙන්.. රාජ්‍ය ඇමතිකම අත්හැරීමේ සූදානමක්

පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගත් විදුර වික්‍රමනායක මහතාද තමන්ට ලැබුණු රාජ්‍ය අමාත්‍ය...

සේනා යළිත් මතුවෙයි

මීට වසරකට පමණ ඉහතදී රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ සේනා දළඹු වසංගතය නැවතත් හිස ඔසවා ඇති බව වාර්තා වේ. ඒ බදුල්ල පස්සර...

මහින්ද විනාශ කළ ශ්‍රීලනිපයේ ඉතිර අඩ මෛත්‍රී ඉතා නීච ලෙස විනාශ කළා

දශක ගණනාවක් තිස්සේ රටේ තිබූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම විනාශ වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. තම පියා විසින්...

රාජ්‍ය ප්‍රධානීන් ලොක්ඩවුන් කාලෙත් ප්‍රවාහන දීමනා ගනී

කොරෝනා වසංගත තත්ත්වය නිසා රට lockdown කර තිබූ මාර්තු අප්‍රේල් හා මැයි මාස වලදීත් බොහොමයක් රජයේ නිලධාරීන් ප්‍රවාහන හා ඉන්ධන දීමනාව ලබාගෙන...

පාඨක අදහස්