31 C
Colombo
Saturday, August 15, 2020
මුල් පිටුව උණුසුම් පුවත් ළමයින්ට අතවර කරමින් වීඩියෝ කළ 'දෙරණ ලිට්ල් ස්ටාර්' වේෂ නිර්මාණ ශිල්පියා පිටරටටත්...

ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස පෙනී සිටි දෙරණ ලිට්ල් ස්ටාර් වැඩසටහනේ වේෂ නිරූපණ ශිල්පියෙකු ලෙස කටයුතු කළ පන්නිපිටියේ සැකකරු කුඩා දරුවන්ගේ අසැබි වීඩියෝ හා ඡායාරූප ගෙන ඒවා රටවල් පහක විදේශිකයන්ට විකුණන ජාවාරමක් කරගෙන ගොස් ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

ඇමරිකාව, ජර්මනිය, ස්පාඤ්ඤය, මැලේසියා ඇතුළු රටවල විදේශිකයන්ගේ ඊමේල් ලිපිනයන්ට හා තැපැලෙන් සීඩී පට පවා යවා මුදල් උපයා ඇති බව අනාවරණය කරගෙන ඇත.

ඒ වෙනුවෙන් රුපියල් විසිදහස, තිස්දහස වැනි ගණන් සැකකරුගේ ගිණුමට වැටී ඇති බවද හෙළිවී ඇත.

ශ්‍රී ලංකා දරුවන් සමලිංගික සේවයට යොදවන බවට හුවා දක්වමින් වයස අවුරුදු අටත්_ දොළහත් අතර දරුවන්ගේ වීඩියෝ පට හා ඡායාරූප ගෙන මෙසේ පිටරටට යවා ඇතැයි ද ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබේ.

ප්‍රසිද්ධ ළමා චරිතවල සිටින දරුවන් ඉලක්ක කර ෆේසස්බුක් ගිණුම් පවා මෙම සැකකරු සකසා ඇති බවද කියයි. සැකකරු ළමා චිත්‍රපටයක තිරපිටපතක්ද ලියා ඇති අතර එය තිරගත වූ ප්‍රසිද්ධ චිත්‍රපටයකි.

මේ පිළිබඳ දීර්ඝ විමර්ශනයක් කිරීමට ඇතැයි බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නියෝග කර ඇත.

සැකකරුගේ පන්නිපිටිය නිවෙස පරීක්ෂා කිරීමේදී වීඩියෝ පට සහිත සීඩී 130ක්, පරිගණක හා ළමා යට ඇඳුම් අල්මාරියක් සහ ළමයින්ගේ හිසකෙස් 192ක් සොයාගෙන තිබිණි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

විදුර අසතුටෙන්.. රාජ්‍ය ඇමතිකම අත්හැරීමේ සූදානමක්

පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගත් විදුර වික්‍රමනායක මහතාද තමන්ට ලැබුණු රාජ්‍ය අමාත්‍ය...

සේනා යළිත් මතුවෙයි

මීට වසරකට පමණ ඉහතදී රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ සේනා දළඹු වසංගතය නැවතත් හිස ඔසවා ඇති බව වාර්තා වේ. ඒ බදුල්ල පස්සර...

මහින්ද විනාශ කළ ශ්‍රීලනිපයේ ඉතිර අඩ මෛත්‍රී ඉතා නීච ලෙස විනාශ කළා

දශක ගණනාවක් තිස්සේ රටේ තිබූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම විනාශ වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. තම පියා විසින්...

රාජ්‍ය ප්‍රධානීන් ලොක්ඩවුන් කාලෙත් ප්‍රවාහන දීමනා ගනී

කොරෝනා වසංගත තත්ත්වය නිසා රට lockdown කර තිබූ මාර්තු අප්‍රේල් හා මැයි මාස වලදීත් බොහොමයක් රජයේ නිලධාරීන් ප්‍රවාහන හා ඉන්ධන දීමනාව ලබාගෙන...

පාඨක අදහස්