31 C
Colombo
Wednesday, September 23, 2020
මුල් පිටුව දේශපාලන සමගි ජන බලවේගය සමග එක්වූ තවත් අය එජාපයෙන් නෙරපනවා

සමගි ජන බලවේගය සමග එක්වෙමින් එක්සත් ජාතික පක්ෂය හැර ගිය තවත් කණ්ඩායම් කිහිපයක්ම ඉදිරියේදී අදියර කිහිපයක් යටතේ පක්ෂයෙන් නෙරපා හරින බව එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා පවසයි.

ඊයේ (29) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

එසේම නිසි ලෙස චෝදනා විභාග කිරීමෙන් පසු පළමු කණ්ඩායම නෙරපා හැරීම සිදුකළ බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නියෝජිත හමුවක දී ප්‍රකාශ කළේය.

මෙවර මහ මැතිවරණයට සමගි ජන බලවේගයෙන් නාම යෝජනා ලබා දුන් අපේක්ෂකයින් 54 දෙනෙකුගේ සහ එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වු පළාත් පාලන මන්ත්‍රීවරු 61 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරිමට එහි කෘත්‍යාධිකාරී මණ්ඩලය පෙරේදා (28) තීරණය කළේය.

එම තීරණය ගනු ලැබුවේ අධිකරණවලින් ලබා දුන් තීන්දු පාදක කරගනිමින් බව එම තීන්දුව සම්බන්ධයෙන් ඊයේ (29) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

සමගි ජනබලවේගයේ පැමිණිලි අධිකරණවලින් ප්‍රතික්ෂේප වීම තුළ එහි කිසිවෙකුට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දැරිය නොහැකි බව තහවුරු වී ඇති බව එජාප මහ ලේකම්වරයා එහි සඳහන් කර තිබේ.

අධිකරණ තීන්දුව හෑල්ලුවට ලක් කරමින්, “එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව සමග ඩීල් එකක් දමා ඇති බව” සමගි ජන බලවේගයේ ඇතැමුන් පවසන්නේ අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කිරීමට බව ද ඔහු සඳහන් කර තිබේ.

ආණ්ඩුව, ස්වාධීන අධිකරණ කොමිසම ඇතුලු කොමිෂන් සභා අහෝසි කිරීමට උත්සාහ දරමින් සිටින බවත් සමගි ජන බලවේගය ද ආණ්ඩුවේ ඩීල් එක යහමින් ඉටු කරමින්, “නීත්‍යනුකූල නොවන පක්ෂ සහ එහි සාමාජිකයන් රැක ගැනීමේ” ආණ්ඩුවේ පදයට නටමින් සිටින බව ද අකිල විරාජ් කාරියවසම් මහතා එම නිවේදනයේ සඳහන් කර ඇත.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ජනපති සජිත්ව ආදර්ශයට ගනී

ජන ගැටලු හඳුනාගෙන නොපමාව විසඳුම් ලබාදීමේ අරමුණෙන් ගමින් ගම චාරිකා කිරීමේ ජනාධිපතිගේ වැඩපිළිවෙළ මෙම සිකුරාදා (25 වැනිදා) හපුතලේ අක්කර 100 ගම්මානයේ, කුමාරතැන්න...

ආචර් පන්දු 02ක් තුල ලකුණු 27ක් රැස් කළ හැටි (Video)

13 වන ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවැත්වූ ක්‍රිකට් තරගයේදී ඊයේ අපුරු සිදුවීමක් වාර්තා විය. ඒ...

අමෙරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 2 ඉක්මවයි

කොවිඩ් -19 හේතුවෙන් මේ වනවිට අමෙරිකාවේ පුද්ගලයින් 200,000 අධික ගණනක් මියගොස් තිබේ. ඒ පිළිබඳ ව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ...

ඉන්ධන හලක් තුළ ත්‍රීරෝද රථයක් ගිනිගනී

වැල්ලවාය - ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හලක, ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ත්‍රීරෝද රථයක් හදිසියේ ම ගිනි ගැනීමකට ලක් වී...

පාඨක අදහස්