31 C
Colombo
Saturday, August 15, 2020
මුල් පිටුව ක්‍රීඩා මෙන්ඩිස්ට එරෙහිව විනය පරීක්‍ෂණයක්

මෙන්ඩිස්ට එරෙහිව විනය පරීක්‍ෂණයක්

පසුගිය ජුනි (05) වැනිදා උදෑසන 5 ට පමණ පානදුර, හොරෙයිතුඩුව ප්‍රදේශයේදී සිදු වූ මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වේ.

ක්‍රීඩකයන් අතින් මෙවැනි අවාසනාවන්ත සිදු වීම් වළක්වා ගැනීමේ පියවරක් ලෙසත්, මෙවැනි සිදුවීමකින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ සෙසු ක්‍රීඩකයන්ට අගතියක් වන බව ක්‍රිකට් පරිපාලනයේ අදහස වී ඇති නිසාත් මේ පරීක්ෂණය සිදු කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම්ගතව සිටින ක්‍රීඩකයන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ සිදු කිරීමේ බලය එම ආයතනය සතුව පවතී.

ඒ අනුව ඉදිරි දිනයකදී කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ක්‍රිකට් විනය කමිටුව ඉදිරියේ පෙනී සිටීමට නියමිතය.

මේ රිය අනතුරෙන් 64 හැවිරිදි පුද්ගලයෙකු මිය ගිය අතර ඔහුගේ පවුලේ සාමාජිකයන්ට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ලබාදීමට කුසල් මෙන්ඩිස් අධිකරණයේදී එකඟ විය.

එමෙන් ස්ථිර නිවසක් නොතිබූ එම පවුල වෙත රුපියල් ලක්ෂ 20කට ආසන්න මුදලක් වැය කරමින් ඉඩමක් ලබාදීමටද මෙන්ඩිස්ගේ පාර්ශ්වය කටයුතු කර ඇති අතර, ඉදිරි නඩු වාරයේදී එහි ඔප්පුව බාරදීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

විදුර අසතුටෙන්.. රාජ්‍ය ඇමතිකම අත්හැරීමේ සූදානමක්

පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගත් විදුර වික්‍රමනායක මහතාද තමන්ට ලැබුණු රාජ්‍ය අමාත්‍ය...

සේනා යළිත් මතුවෙයි

මීට වසරකට පමණ ඉහතදී රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ සේනා දළඹු වසංගතය නැවතත් හිස ඔසවා ඇති බව වාර්තා වේ. ඒ බදුල්ල පස්සර...

මහින්ද විනාශ කළ ශ්‍රීලනිපයේ ඉතිර අඩ මෛත්‍රී ඉතා නීච ලෙස විනාශ කළා

දශක ගණනාවක් තිස්සේ රටේ තිබූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම විනාශ වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. තම පියා විසින්...

රාජ්‍ය ප්‍රධානීන් ලොක්ඩවුන් කාලෙත් ප්‍රවාහන දීමනා ගනී

කොරෝනා වසංගත තත්ත්වය නිසා රට lockdown කර තිබූ මාර්තු අප්‍රේල් හා මැයි මාස වලදීත් බොහොමයක් රජයේ නිලධාරීන් ප්‍රවාහන හා ඉන්ධන දීමනාව ලබාගෙන...

පාඨක අදහස්