31 C
Colombo
Saturday, August 15, 2020
මුල් පිටුව උණුසුම් පුවත් පර්පචුවල් ගිණුමකින් මුදල් ගෙවීමට මහ බැංකුවට නියෝගයක්

පර්පචුවල් ගිණුමකින් මුදල් ගෙවීමට මහ බැංකුවට නියෝගයක්

මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තත්කාලීන දඩ ගෙවීම් පද්ධති ගිණුමෙන් රුපියල් 1508000 මුදලක් මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (29) ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාට නියෝග කර තිබේ.

එම සමාගමේ මුදල් ආයෝජනය කළ කාන්තාවක් වෙත මෙසේ මුදල් මුදාහැරීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

සමාගමේ මුදල් ආයෝජනය කිරීම වෙනුවෙත් තමන්ට රුපියල් 1508000ක මුදලක් අයවිය යුතු බවට එම කාන්තාව සිය නීතිඥවරයෙක් මාර්ගයෙන් අධිකරණයේ කළ කරුණු දැක්වීමට අදාළව අධිකරණය මෙම තීරණය නිකුත් කළේය.

අනතුරුව පැමිණිල්ල නොවැම්බර් මස 12 වන දා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය එදිනම මෙම බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය වාර්ථා කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට නියම කළාය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

විද්‍යා දැරියගේ ඝාතකයා නිදහස් කර ඇත්තේ පොලිස් පරීක්ෂකයෙක්

විද්‍යා දැරිය ඝාතනය කළ ස්විස් කුමාර් නොහොත් මහලිංගම් ශෂිකුමාර් පොලිස් බාරයෙන් නිදහස් කර ඇත්තේ කයිට්ස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක ශ්‍රී...

කොළඹ පාසල් ළමුන්ට ‘ඉන්හේලර්’ ඔස්සේ මත්ද්‍රව්‍ය

කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල්වල සිසුන් ඉලක්ක කරගෙන ඉන්හේල සහ ස්ප්‍රේ යන්ත්‍ර භාවිතා කරමින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසිය තොරතුරු හෙළි කරගෙන...

දීපා මේතාගේ නවතම සිනමාපටයට නිම්මි හරස්ගම

භාරතයේ සම්මානලාභී අධ්‍යක්ෂිකාවක වන දීපා මේතාගේ නවතම සිනමාපටය වන ‘ෆනී බෝයි‘ චිත්‍රපටය සඳහා සම්මානිත ලාංකේය රංගන ශිල්පිනියක වන නිම්මි හරස්ගම රංගනයෙන් දායක...

“රතන හාමුදුරුවන්ගේ කපටිකමට ගරු කරන්න මට බෑ”- ඥානසාර හිමි

මන්ත්‍රී ධුර තිබුණත් නැතත් සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් ආරම්භ කර තිබෙන ජාතික ව්‍යාපාරය ඉදිරියට ගෙනයාමට කැපවන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ...

පාඨක අදහස්