31 C
Colombo
Saturday, August 15, 2020
මුල් පිටුව උණුසුම් පුවත් නුගේගොඩ රිය අනතුරේ බස් රියදුරු යළි රිමාන්ඩ්

නුගේගොඩ රිය අනතුරේ බස් රියදුරු යළි රිමාන්ඩ්

පසුගිය 20 වැනිදා නුගේගොඩ ගුවන් පාලම මත දී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෞද්ගලික බස් රථයේ රියදුරු අගෝස්තු මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (29) නියෝගය කළේය.

නුගේගොඩ ගුවන් පාලම මත දී පසුගිය 20 වන දා උදෑසන පෞද්ගලික බස් රථයක් සහ යුද හමුදා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂය ට පත්ව තවත් හමුදා සෙබලුන් දෙදෙනෙකු තුවාල රෝහල් ගත කෙරිණි.

කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් තවත් බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේ දී ඉදිරියෙන් පැමිණි යුද හමුදා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුවිය.

එම අනතුරට හේතු වූ පෞද්ගලික බස් රථයේ රියදුරු විසින් සිදුකරන ලද ක්‍රියාව සැලකිල්ලට ගෙන මිනී මැරීමේ වරද යටතේ නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර අදාළ රියදුරු අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

පෙර ලිපිය පෙන්වන්නඅයිශ් සහ ආරධ්‍යා රෝහලේ සිට යළි ගෙදර එයි
ඊළඟ ලිපිය පෙන්වන්න

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

විද්‍යා දැරියගේ ඝාතකයා නිදහස් කර ඇත්තේ පොලිස් පරීක්ෂකයෙක්

විද්‍යා දැරිය ඝාතනය කළ ස්විස් කුමාර් නොහොත් මහලිංගම් ශෂිකුමාර් පොලිස් බාරයෙන් නිදහස් කර ඇත්තේ කයිට්ස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක ශ්‍රී...

කොළඹ පාසල් ළමුන්ට ‘ඉන්හේලර්’ ඔස්සේ මත්ද්‍රව්‍ය

කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල්වල සිසුන් ඉලක්ක කරගෙන ඉන්හේල සහ ස්ප්‍රේ යන්ත්‍ර භාවිතා කරමින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසිය තොරතුරු හෙළි කරගෙන...

දීපා මේතාගේ නවතම සිනමාපටයට නිම්මි හරස්ගම

භාරතයේ සම්මානලාභී අධ්‍යක්ෂිකාවක වන දීපා මේතාගේ නවතම සිනමාපටය වන ‘ෆනී බෝයි‘ චිත්‍රපටය සඳහා සම්මානිත ලාංකේය රංගන ශිල්පිනියක වන නිම්මි හරස්ගම රංගනයෙන් දායක...

“රතන හාමුදුරුවන්ගේ කපටිකමට ගරු කරන්න මට බෑ”- ඥානසාර හිමි

මන්ත්‍රී ධුර තිබුණත් නැතත් සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් ආරම්භ කර තිබෙන ජාතික ව්‍යාපාරය ඉදිරියට ගෙනයාමට කැපවන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ...

පාඨක අදහස්