31 C
Colombo
Saturday, August 15, 2020
මුල් පිටුව ක්‍රීඩා ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ විකාශන අයිතියෙන් සෝනි හැලෙයි

ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ විකාශන අයිතියෙන් සෝනි හැලෙයි

කොවිඩ් වයිරසය හේතුවෙන් තාවකාලිකව කල් දමා තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජාත්‍යන්තර තරග නැවතත් ආරම්භය සටහන් කරමින් එළැඹෙන ජනවාරි මස පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලියේ රූපවාහිනි විකාශන අයිතිය සම්බන්ධයෙන් යම්කිසි ගැටලුකාරී වාතාවරණයක් ගොඩනැඟී ඇති බව වාර්තා වේ.

ඒ අනුව දැනගන්නට ඇති ආකාරයට මෙම තරගාවලියේදී මෙතෙක් කලක් අදාළ රූපවාහිනි විකාශකයා ලෙසින් කටයුතු කළ ඉන්දීය සමාගමක් වන ‘සෝනි පික්චර්ස් නෙට්වර්ක්’ ආයතනය වෙනුවට අදාළ රූපවාහිනි විකාශන අයිතිය වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර එය විසුරුවා හැරීමට තීරණය කර ඇතැයි පැවැසේ.

කෙසේ වෙතත් කොවිඩ් වයිරසය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදී මෙම ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එළැඹෙන ජනවාරි මාසයේදී පැවැත්වීම සඳහා සැලසුම් කර තිබිණි. ඒ අනුව අදාළ තරගාවලිය ‘සෝනි පික්චර්ස් නෙට්වර්ක්’ ආයතනය සමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අස්සන් තබා ඇති අනාගත තරගාවලි කාලසටහනට ඇතුළත් නොවීම හේතුවෙන් සහ මෙම තරගාවලියේ නිල විකාශන අයිතිය වෙනුවෙන් අදාළ සමාගම විසින් ඉදිරිපත් කරනු ලැබූ වටිනාකමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ නොවීමත් යන කරුණු මත පදනම්ව මෙම තීරණය ගෙන ඇති බව පැවැසේ.

තවද ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ‘සෝනි පික්චර්ස් නෙට්වර්ක්’ ආයතනය මඟින් ඇමෙරිකන් ඩොලර් ලක්ෂ 7කට ආසන්න වටිනාකමක් ඉදිරිපත් කර තිබුණද එයට වඩා විශාල වටිනාකමක් ක්‍රිකට් ආයතනයෙන් බලාපොරොත්තු වීමද මීට හේතුවී ඇති බව දැනගන්නට ඇත.

මේ අතර අදාළ කරුණ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතා පැවැසුවේ මෙවැන්නකි. “ශ්‍රී ලංකා-එංගලන්ත ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වූ වටිනාකම ඔවුන්ගෙන් අපිට ලැබුණේ නැහැ. කොහොම වුණත් මෙයට පෙර ඒ අය දීලා තිබුණු වටිනාකමේ ආසන්නයටවත් ආවේ නැති නිසා ඒක අලුතින් වෙන්දේසි කරන්න අපි තීරණය කළා” යනුවෙනි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

විදුර අසතුටෙන්.. රාජ්‍ය ඇමතිකම අත්හැරීමේ සූදානමක්

පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගත් විදුර වික්‍රමනායක මහතාද තමන්ට ලැබුණු රාජ්‍ය අමාත්‍ය...

සේනා යළිත් මතුවෙයි

මීට වසරකට පමණ ඉහතදී රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ සේනා දළඹු වසංගතය නැවතත් හිස ඔසවා ඇති බව වාර්තා වේ. ඒ බදුල්ල පස්සර...

මහින්ද විනාශ කළ ශ්‍රීලනිපයේ ඉතිර අඩ මෛත්‍රී ඉතා නීච ලෙස විනාශ කළා

දශක ගණනාවක් තිස්සේ රටේ තිබූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම විනාශ වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. තම පියා විසින්...

රාජ්‍ය ප්‍රධානීන් ලොක්ඩවුන් කාලෙත් ප්‍රවාහන දීමනා ගනී

කොරෝනා වසංගත තත්ත්වය නිසා රට lockdown කර තිබූ මාර්තු අප්‍රේල් හා මැයි මාස වලදීත් බොහොමයක් රජයේ නිලධාරීන් ප්‍රවාහන හා ඉන්ධන දීමනාව ලබාගෙන...

පාඨක අදහස්