31 C
Colombo
Saturday, August 15, 2020
මුල් පිටුව විදෙස් පුවත් ඇමෙරිකාවේ කොවිඩ් මරණ ලක්‍ෂ එකහමාර ඉක්මවයි

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය විසින් සම්පාදනය කරන ලද නවතම දත්තවලට අනුව, ඇමෙරිකා එක්සත් ජනපදයේ නව කොරෝනා වෛරසය ආසාදිතයන් 150,000කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

ඒ අනුව අද (30දා) අලුයම වනවිට රට පුරා අවම වශයෙන් මරණ 150,447ක් සහ සමස්ත ආසාදිතයන් 4,414,834ක් වාර්තා වී තිබේ.

කොවිඩ්-19 වෛරස ආශ්‍රිතව එක්සත් ජනපදයේ ප්‍රථම මරණය පෙබරවාරි 29 වැනි දින වාර්තා විය.

ඉන් දින 54 කට පසු අපේ‍්‍රල් 23 වැනි දින රට පුරා 50,000ක් මිය ගියේය.

තව දින 34කට පසු මැයි 27 වැනි දින ඇමෙරිකාව මරණ 100,000ක් පසුකර ගියේය.

මෙසේ මරණ 150,000 සීමාව කරා ළඟා වීමට සඳහා තවත් මරණ 50,000ක් එකතු කිරීමට දින 63ක් ගතවී ඇත.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

විදුර අසතුටෙන්.. රාජ්‍ය ඇමතිකම අත්හැරීමේ සූදානමක්

පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගත් විදුර වික්‍රමනායක මහතාද තමන්ට ලැබුණු රාජ්‍ය අමාත්‍ය...

සේනා යළිත් මතුවෙයි

මීට වසරකට පමණ ඉහතදී රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ සේනා දළඹු වසංගතය නැවතත් හිස ඔසවා ඇති බව වාර්තා වේ. ඒ බදුල්ල පස්සර...

මහින්ද විනාශ කළ ශ්‍රීලනිපයේ ඉතිර අඩ මෛත්‍රී ඉතා නීච ලෙස විනාශ කළා

දශක ගණනාවක් තිස්සේ රටේ තිබූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම විනාශ වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. තම පියා විසින්...

රාජ්‍ය ප්‍රධානීන් ලොක්ඩවුන් කාලෙත් ප්‍රවාහන දීමනා ගනී

කොරෝනා වසංගත තත්ත්වය නිසා රට lockdown කර තිබූ මාර්තු අප්‍රේල් හා මැයි මාස වලදීත් බොහොමයක් රජයේ නිලධාරීන් ප්‍රවාහන හා ඉන්ධන දීමනාව ලබාගෙන...

පාඨක අදහස්