31 C
Colombo
Saturday, August 15, 2020
මුල් පිටුව උණුසුම් පුවත් ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සියලු දෙනා නිරෝධායනයට

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙක් ආශ්‍රය කළ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සේවය කරන පුද්ගලයෙක්ටද කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු විය.

ඒ සමගම එම ප්‍රාදේශීය සභාව තාවකාලිකව වසා දමන්නට තීරණය කෙ‍රිණ. මෙම සිදුවීම සහ ඒ සම්බන්ධයෙන් ගනු ලැබූ විශේෂ තීරණ පිළිබඳව දැනුවත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශයක් සිදු කළේය.

‘ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන පුද්ගලයෙක් කොවිඩ් 19 වෛරසය ආසාදිතයකු හමුවුණා. මීට පෙර කන්දකාඩු රෝගියකුගේ පවුලේ ඥාතීන් වන ලංකාපුර පවුල් දෙකක පුද්ගලයින් කොවිඩ් 19 වෛරසයේ ආසාදිතයින් බවට පත් වූවා. මෙම තැනැත්තා එම පවුලක අයෙකුව ආශ්‍රය කර ඇති බව තමයි හෙළිවන්නේ.

කොහොම වුණත් මෙම තත්වය මත එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේත් ඊට යාබදව තිබෙන ප්‍රාදේශීය සභාවේත් සැලකිය යුතු පිරිසක් PCR පරීක්ෂණ වලට ලක් කරනවා. ඒ වගේම නිරෝධායනයට ලක් කරනවා.

මෙහිදී අද රාත්‍රියේම 325 කට අධික සංඛ්‍යාවකගේ PCR පරීක්ෂණ සඳහා පටල ගැනීම සිදුවෙනවා. ඒ වගේම මේ සියලු දෙනාම නිරෝධායනයට ලක් වන්නන්. ගෘහස්ත නිරෝධායනයට තමයි ලක් කර තිබෙන්නේ. මීට ඇතුළත් වෙනවා එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශීය සභාවේ සේවය කරන්නන්, ඒ වගේම මෙම රෝගියාගේ විවිධ ආශ්‍රිතයින්.

මේ අවස්ථාව වන විට ඇත්තෙන්ම එම ලංකාපුර ප්‍රදේශයේ සංචරණ සීමා පණවා නැහැ. ඒ කටයුතු සාමාන්‍ය පරිදි කෙරෙනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, බුද්ධි සේවා එම රෝගියාගේ ආශ්‍රිතයින් සම්බන්ධව කටයුතු කරමින් පවතිනවා.

අපට හෙට දිනය වන විට මෙම සිදුකරන PCR පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබුණු පසු මෙම තත්වය කෙසේද යන්න මැනබැලීමට පුළුවන්. කෙසේ වෙතත් අප කලින් කියූ පරිදි මේ ආකාරයට කලින් පැවති පොකුරු හරහා ඇතිවන රෝගීන් හමුවීමේ සම්භාවිතාව තිබෙනවා.

නමුත් එසේ හමුවන රෝගීන් හරහා රෝගය සමාජගතවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර සෞඛ්‍ය අමාත්‍යාංශය හා අනෙකුත් අංශ වලින් ගනිමින් සිදු කරගෙන යනු ලබන බවත් ප්‍රකාශ කිරීමට කැමතියි.’

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

විද්‍යා දැරියගේ ඝාතකයා නිදහස් කර ඇත්තේ පොලිස් පරීක්ෂකයෙක්

විද්‍යා දැරිය ඝාතනය කළ ස්විස් කුමාර් නොහොත් මහලිංගම් ශෂිකුමාර් පොලිස් බාරයෙන් නිදහස් කර ඇත්තේ කයිට්ස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක ශ්‍රී...

කොළඹ පාසල් ළමුන්ට ‘ඉන්හේලර්’ ඔස්සේ මත්ද්‍රව්‍ය

කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල්වල සිසුන් ඉලක්ක කරගෙන ඉන්හේල සහ ස්ප්‍රේ යන්ත්‍ර භාවිතා කරමින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසිය තොරතුරු හෙළි කරගෙන...

දීපා මේතාගේ නවතම සිනමාපටයට නිම්මි හරස්ගම

භාරතයේ සම්මානලාභී අධ්‍යක්ෂිකාවක වන දීපා මේතාගේ නවතම සිනමාපටය වන ‘ෆනී බෝයි‘ චිත්‍රපටය සඳහා සම්මානිත ලාංකේය රංගන ශිල්පිනියක වන නිම්මි හරස්ගම රංගනයෙන් දායක...

“රතන හාමුදුරුවන්ගේ කපටිකමට ගරු කරන්න මට බෑ”- ඥානසාර හිමි

මන්ත්‍රී ධුර තිබුණත් නැතත් සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් ආරම්භ කර තිබෙන ජාතික ව්‍යාපාරය ඉදිරියට ගෙනයාමට කැපවන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ...

පාඨක අදහස්