31 C
Colombo
Saturday, August 15, 2020
මුල් පිටුව උණුසුම් පුවත් මිහින්තලේ දෙමහල් නිවෙසක පොළොව හිටිහැටියේ කම්පනයකින් දෙදරයි

මිහින්තලේ දෙමහල් නිවෙසක පොළොව හිටිහැටියේ කම්පනයකින් දෙදරයි

අනුරාධපුර – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ මිහින්තලය නගරයේ පිහිටි දෙමහල් නිවෙසක සාලයේ පොළොව හදිසියේ විශාල කම්පනයක් ඇති කරමින් පුපුරා එහි අතුරා තිබූ ටයිල් කැට විශාල ප්‍රමාණයක් ඉහළට ඉලිප්පී කැඩීයෑමක් සම්බන්ධයෙන් නිවෙසේ හිමිකරු අනාවරණය කළ අතර භූමිකම්පන තත්ත්වයක් නිසා එය සිදුවූයේද යන්න සම්බන්ධයෙන් නිවෙස් හිමියා විමතිය පළකරයි.

මීට දින හතකට පමණ ඉහතදී එම සිද්ධිය වූ අතර විටින් විට පොළොව තුළින් යම් යම් හඬවල් මතුවන බව නිවෙස් හිමිකරු වන විශ්‍රාමික යුද හමුදා නිලධාරි කේ.ජී.එම්. කපිල බණ්ඩාර මහතා පැවැසුවේය.

භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරීන් ඊට පසු දින පැමිණ එය පොළොවේ උෂ්ණය පිටකිරීමක් බවත් එය ස්වාභාවික හේතුවක් මත සිදුනොවන්නක් බවත් පවසමින් ඡායාරූප ගෙන ගොස් ඇති අතර සිදුවූ දෙයින් ඒ මහතාගේ නිවෙසට සැලකිය යුතු මට්ටමේ අලාභයක් සිදුවී තිබේ. පසුගියදා රාත්‍රි නවයයි තිහට පමණ එය සිදුවී තිබෙන අතර අනපේක්ෂිත සිද්ධියත් සමඟ නිවැසියන් බියට පත්වී තිබුණි.

භූමිකම්පාවක අනතුරු ඇඟවීමක් බවට සැක කළ හැකි මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ විශ්‍රාමික හිටපු යුද හමුදා නිලධාරී කේ.ජී.එම්. කපිල බණ්ඩාර මහතා මෙසේ කීය.

“මම මේ දෙමහල් නිවෙස හදලා වසර හයහමාරක් පමණ වෙනවා. පසුගිය 24දා රාත්‍රි නවයයි තිහට විතර ගෙදර ඉහළ මාලයට කළුගල් හලනවා වගේ විශාල හඬක් ඇහුණා. මම බිරිය හා දරුවන් දෙදෙනා රාත්‍රි ආහාර ගනිමිනුයි හිටියේ. ශබ්දයත් එක්ක මම පහළට ඇවිල්ලා බලද්දී සාලයේ පොළොවෙන් විශාල ශබ්දයක් සමඟ දෙකයි දෙක ප්‍රමාණයේ ටයිල් කැට අටක් විතර අඟල් හතරක් විතර උසට එසවිලා තිබ්බා.

මම මවිතයට පත්වෙලා මිහින්තලය ප්‍රාදේශීය ලේකම්වරයාට, ග්‍රාමනිලධාරිවරයාට, ආපදා නිලධාරිවරයාට හා මිහින්තලය පොලිසියට දැන්වූවා එම සිදුවීම. ඉතා හොඳ ප්‍රමිතියෙන් යුත් ගොඩනැඟිලි ද්‍රව්‍ය හා උපාංග දාලා තමයි නිවෙස ඉදිකළේ. නිවෙසේ බේස් වළවල් බහිනවා නම් බිත්ති පුපුරන්න ඕන. බිත්ති කිසිම පිපිරීමක් වෙලා නෑ. නිවෙසේ සාලයේ දිග පළල අඩි 14’.5”, හා 28’ක් වනවා. සිද්ධියත් එක්ක ටයිල් කට කට ගාලා කැඩිලා ගියා. මේ වනවිට සාලය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. මිහින්තලය ප්‍රාදේශීය ලේකම්තුමා හා ග්‍රාමනිලධාරිතුමා ස්වාභාවික විපතක් බවට සලකලා වන්දි මුදලක් ලබාදෙන්න කටයුතු කරන්නම් කියලා අදාළ රාජකාරි කළා.

භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරීන් කියනවා මේක ස්වාභාවික සිදුවීමක් නෙමෙයි කියලා. මේක පොළොව යටින් උෂ්ණය පිටකිරීමක් කියලා කියනවා. එතකොට ඒක යම් ස්වාභාවික විපතක පෙර නිමිත්තක් නෙමෙයිද? මේවට කිසිම වන්දියක් දෙන්න හැකියාවක් නැති බවකුත් කිව්වා. මීට වඩා යමක් සිදුවුණොත් එතකොට මොකද වෙන්නේ? පොළොව කොන්ක්‍රීට් කරලා ටයිල් අතුරලා තියෙද්දී ඒවා කැඩිලා යන්න තරම් පීඩනයක් මතුවුණේ කොහෙන්ද? අපි ආරක්ෂිතද අනාරක්ෂිතද යන්න පිළිබඳවත් ගැටලුවක් තියෙනවා” යනුවෙන් ඒ මහතා පැවැසුවේය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

විද්‍යා දැරියගේ ඝාතකයා නිදහස් කර ඇත්තේ පොලිස් පරීක්ෂකයෙක්

විද්‍යා දැරිය ඝාතනය කළ ස්විස් කුමාර් නොහොත් මහලිංගම් ශෂිකුමාර් පොලිස් බාරයෙන් නිදහස් කර ඇත්තේ කයිට්ස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක ශ්‍රී...

කොළඹ පාසල් ළමුන්ට ‘ඉන්හේලර්’ ඔස්සේ මත්ද්‍රව්‍ය

කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල්වල සිසුන් ඉලක්ක කරගෙන ඉන්හේල සහ ස්ප්‍රේ යන්ත්‍ර භාවිතා කරමින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසිය තොරතුරු හෙළි කරගෙන...

දීපා මේතාගේ නවතම සිනමාපටයට නිම්මි හරස්ගම

භාරතයේ සම්මානලාභී අධ්‍යක්ෂිකාවක වන දීපා මේතාගේ නවතම සිනමාපටය වන ‘ෆනී බෝයි‘ චිත්‍රපටය සඳහා සම්මානිත ලාංකේය රංගන ශිල්පිනියක වන නිම්මි හරස්ගම රංගනයෙන් දායක...

“රතන හාමුදුරුවන්ගේ කපටිකමට ගරු කරන්න මට බෑ”- ඥානසාර හිමි

මන්ත්‍රී ධුර තිබුණත් නැතත් සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් ආරම්භ කර තිබෙන ජාතික ව්‍යාපාරය ඉදිරියට ගෙනයාමට කැපවන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ...

පාඨක අදහස්