31 C
Colombo
Saturday, August 15, 2020
මුල් පිටුව උණුසුම් පුවත් PCR පරීක්ෂණ 150,000ක් කර ඇත්තේ පුද්ගලයින් 40,000කට පමණයි

PCR පරීක්ෂණ 150,000ක් කර ඇත්තේ පුද්ගලයින් 40,000කට පමණයි

මෙතෙක් ශ්‍රී ලංකාව තුළ PCR පරීක්ෂණ 150,000කට අධික සංඛ්‍යාවක් සිදුකර තිබුණ ද එයින් අදහස් වන්නේ පුද්ගලයින් එතරම් ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කළේය යන්න නොවන බවත් මෙතක් මෙරට PCR පරීක්ෂණයට භාජනය කර ඇත්තේ පුද්ගලයින් 40,000කට ආසන්න සංඛ්‍යාවක් පමණක් බවත් වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

“අපට මගහැරිච්ච රෝගීන් යම්කිසි කෙනෙක් අපේ සමාජය තුළ සිටිනවාද කියන එක හඳුනාගැනීම සඳහා අපි සමාජය තුළ PCR පරීක්ෂණ දිගින් දිගටම සිදු කරනවා. එය යම්කිසි සැලැස්මකට අනුවත් ජනගහණයේ අනුපාතයට අනුවත් කිරීමට අපි දැන් කටයුතු සූදානම් කර තියෙනවා. ඒ අනුව සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයක්ම මාසයක් තුළදී ආවරණය වන ආකාරයට අහඹු නියැදි ලබාගැනීම අපි දිගින් දිගටම සිදු කරනවා.

ඒ තුළින් අපි බලාපොරොත්තු වෙනවා අවම වශයෙන් ලංකාවේ මාසයකට 37,000ක් PCR පරීක්ෂණ සිදු කිරීමට. ඊට අමතරව අධික අවදානම් තියෙන ප්‍රදේශවල මීට අමතරව තවත් සමාජය තුළින් PCR පරීක්ෂණ සිදු කෙරෙනවා ඇති.

ඒ වගේම මේ වනවිට 150,000කට අධික ප්‍රමාණයක් PCR පරීක්ෂණ කරලා තියෙනවා. හැබැයි මේ 150,000ක් PCR පරීක්ෂණ කියන්නෙ පුද්ගලයෝ නෙවෙයි. මෙතන තියෙනවා එකම පුද්ගලයාගේ අවස්ථා කිහිපයකදී කරපු PCR පරීක්ෂණ. ඒවගේම රෝගී වී, අපි දැනගත්තාට පස්සෙ රෝහලෙන් රෝගියා නිදහස් කිරීමට පෙර PCR පරීක්ෂණ අවස්ථා කිහිපයකදී කරනවා. ඒවාත් අඩංගුව තමයි මේ 150,000ක් තියෙන්නෙ.

නමුත් සමාජය තුළ මේ වනවිට 40,000කට අධික ප්‍රමාණයක් අපි PCR පරීක්ෂණ කරලා තියෙනවා. නමුත් ඉදිරි මාසයේ සිට මෙය ඉතාමත්ම ව්‍යාප්තව සිදුකිරීම අපි ආරම්භ කරනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේය.

වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

විදුර අසතුටෙන්.. රාජ්‍ය ඇමතිකම අත්හැරීමේ සූදානමක්

පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගත් විදුර වික්‍රමනායක මහතාද තමන්ට ලැබුණු රාජ්‍ය අමාත්‍ය...

සේනා යළිත් මතුවෙයි

මීට වසරකට පමණ ඉහතදී රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ සේනා දළඹු වසංගතය නැවතත් හිස ඔසවා ඇති බව වාර්තා වේ. ඒ බදුල්ල පස්සර...

මහින්ද විනාශ කළ ශ්‍රීලනිපයේ ඉතිර අඩ මෛත්‍රී ඉතා නීච ලෙස විනාශ කළා

දශක ගණනාවක් තිස්සේ රටේ තිබූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම විනාශ වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. තම පියා විසින්...

රාජ්‍ය ප්‍රධානීන් ලොක්ඩවුන් කාලෙත් ප්‍රවාහන දීමනා ගනී

කොරෝනා වසංගත තත්ත්වය නිසා රට lockdown කර තිබූ මාර්තු අප්‍රේල් හා මැයි මාස වලදීත් බොහොමයක් රජයේ නිලධාරීන් ප්‍රවාහන හා ඉන්ධන දීමනාව ලබාගෙන...

පාඨක අදහස්