31 C
Colombo
Saturday, August 15, 2020
මුල් පිටුව උණුසුම් පුවත් කොළඹ වරාය සේවකයින්ගෙන් විමල්ට, ගම්මන්පිලට ’’හූ’’ සංග්‍රහයක්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පවරාදීමට එරෙහිව වරාය වෘත්තීය සමිති ගෙනයන වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ සාකච්ඡා කිරීම වරාය පරිශ්‍රයට පැමිණි කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ මහතාට සහ උදය ගම්මන්පිල මහතාට ඊයේ (31) රාත්‍රියේ වරාය සේවකයින් වෙතින් දැඩි විරෝධයක් එල්ල වනු දක්නට ලැබිණි.

කොළඹ වරායේ වෘත්තීය සමිති විසින් ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහ ව්‍යාපාරය ඊයේ තෙවැනි දිනටත් පැවති අතර ඊට ආණ්ඩු පාර්ශ්වයෙන් විසඳුමක් නොදීම නිසා ඊයේ පස්වරුව වනවිට හර්තාල් පාලම අසලින් වරාය පිවිසුම අවහිර කළ සේවකයෝ වරායෙහි පර්යන්ත තුනෙහිම වැඩ නවතා දැමූහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වරාය වෘත්තීය සමිතිය ද ඇතුළුව සමිති ගණනාවක් මෙම විරෝධතා ව්‍යාපාරයට එක්ව සිටින අතර ඔවුන්ගේ ඉල්ලීම වී තිබුණේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හෝ වෙනත් කිසිදු පාර්ශ්වයකට පවරා නොදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ මෙහෙයුම් සිදුකරන බවට සහතිකයක් මහමැතිවරණයට පෙර ලබාදෙන ලෙසය. ඒ සඳහා ඔවුන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබාදෙන ලෙස ද ඉල්ලා තිබිණි.

කෙසේවෙතත් ඊයේ රාත්‍රියේ මෙම ස්ථානයට පැමිණි විමල් වීරවංශ මහතාට සහ උදය ගම්මන්පිල මහතාට වරාය සේවකයින්ගෙන් එල්ල වුණේ දැඩි විරෝධයකි. සේවකයින් “හූ” කියමින් මහහඬින් විරෝධය පළකරද්දී ඇමති ආරක්ෂකයින් විශාල සංඛ්‍යාවක් පිරිවරාගෙන වීරවංශ මහතා සහ ගම්මන්පිල මහතා එම ස්ථානයෙන් පිටවන ආකාරය ද දක්නට ලැබිණි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

විදුර අසතුටෙන්.. රාජ්‍ය ඇමතිකම අත්හැරීමේ සූදානමක්

පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගත් විදුර වික්‍රමනායක මහතාද තමන්ට ලැබුණු රාජ්‍ය අමාත්‍ය...

සේනා යළිත් මතුවෙයි

මීට වසරකට පමණ ඉහතදී රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ සේනා දළඹු වසංගතය නැවතත් හිස ඔසවා ඇති බව වාර්තා වේ. ඒ බදුල්ල පස්සර...

මහින්ද විනාශ කළ ශ්‍රීලනිපයේ ඉතිර අඩ මෛත්‍රී ඉතා නීච ලෙස විනාශ කළා

දශක ගණනාවක් තිස්සේ රටේ තිබූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම විනාශ වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. තම පියා විසින්...

රාජ්‍ය ප්‍රධානීන් ලොක්ඩවුන් කාලෙත් ප්‍රවාහන දීමනා ගනී

කොරෝනා වසංගත තත්ත්වය නිසා රට lockdown කර තිබූ මාර්තු අප්‍රේල් හා මැයි මාස වලදීත් බොහොමයක් රජයේ නිලධාරීන් ප්‍රවාහන හා ඉන්ධන දීමනාව ලබාගෙන...

පාඨක අදහස්