31 C
Colombo
Wednesday, September 23, 2020
මුල් පිටුව ගොසිප් 'ද රොක්' යළිත් වැඩියෙන්ම උපයන නළුවා වෙයි

‘ද රොක්’ යළිත් වැඩියෙන්ම උපයන නළුවා වෙයි

ජනප්‍රිය හොලිවුඩ් නළු ඩ්වේන් ජොන්සන් හෙවත් “ද රොක්” පිටපිටම දෙවන වරටත් වැඩිම වැටුප් ලබන නළුවා ලෙස ෆෝර්බ්ස් සඟරාව විසින් නම් කර තිබේ.

ඔහු 2019 ජුනි 01 – 2020 ජුනි 01 දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 87.5ක් උපයා ඇති බව වාර්තා වේ.

ඊට අමතරව, ඔහු සිය ශරීර සුවතා ඇඳුම් එකතුව වන ‘ප්‍රොජෙක්ට් රොක්’ වෙතින් ද මුදල් උපයාගෙන තිබේ.

මෙවර ඉහළම ආදායම් උපයන්නන් අතර සිටින මුල් දසදෙනා ඩොලර් මිලියන 545.5 ක් උපයා ඇති අතර, ඉන් හතරෙන් එකකට වැඩි කොටසක් උපයා ඇත්තේ නෙට්ෆ්ලික්ස් මගින් බව ෆෝර්බ්ස් සඟරාව සඳහන් කරයි.

මෙහි දෙවැනි හා තෙවැනි ස්ථානයේ පිළිවලින් රැඳී සිටින්නේ රයන් රෙනොල්ඩ්ස් හා මාක් වාල්බර්ග් ය. බෙන් ඇෆ්ලෙක් හා වින් ඩීසල් සිවුවැනි හා පස්වැනි ස්ථානයේ සිටියි.

මෙම ලැයිස්තුවේ මුල් දසදෙනා අතරට එක්ව සිටි එකම බොලිවුඩ් නළුවා වන්නේ අක්ෂේ කුමාර් ය. සයවැනි ස්ථානයේ සිටින ඔහු, ඉහත කාලවකවානුව තුළ උපයාගෙන ඇති ධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 48.5කි.

වැඩිම වැටුප් ලබන නිළියන්ගේ ලැයිස්තුව තවමත් නිකුත් වී නැත.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ජනපති සජිත්ව ආදර්ශයට ගනී

ජන ගැටලු හඳුනාගෙන නොපමාව විසඳුම් ලබාදීමේ අරමුණෙන් ගමින් ගම චාරිකා කිරීමේ ජනාධිපතිගේ වැඩපිළිවෙළ මෙම සිකුරාදා (25 වැනිදා) හපුතලේ අක්කර 100 ගම්මානයේ, කුමාරතැන්න...

ආචර් පන්දු 02ක් තුල ලකුණු 27ක් රැස් කළ හැටි (Video)

13 වන ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවැත්වූ ක්‍රිකට් තරගයේදී ඊයේ අපුරු සිදුවීමක් වාර්තා විය. ඒ...

අමෙරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 2 ඉක්මවයි

කොවිඩ් -19 හේතුවෙන් මේ වනවිට අමෙරිකාවේ පුද්ගලයින් 200,000 අධික ගණනක් මියගොස් තිබේ. ඒ පිළිබඳ ව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ...

ඉන්ධන හලක් තුළ ත්‍රීරෝද රථයක් ගිනිගනී

වැල්ලවාය - ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හලක, ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ත්‍රීරෝද රථයක් හදිසියේ ම ගිනි ගැනීමකට ලක් වී...

පාඨක අදහස්