31 C
Colombo
Wednesday, September 23, 2020
මුල් පිටුව ගොසිප් හොලිවුඩ් වීනස් ජගත් සිනමා උළෙලේ හොඳම නළුවා සම්මානය ශ්‍යාම්ට

හොලිවුඩ් වීනස් ජගත් සිනමා උළෙලේ හොඳම නළුවා සම්මානය ශ්‍යාම්ට

පළමු වැනි හොලිවුඩ් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දුට හිමි විය. ඒ චතුර විමර්ෂ ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ‘One Blood’ කෙටි චිත්‍රපටයේ රඟපෑ ප්‍රධාන භූමිකාව සඳහාය. රටවල් 100කට අධික තරගකාරී කෙටි චිත්‍රපට 1000කට ආසන්න ප්‍රමාණයක් අතුරින් ශ්‍යාම්ට මෙම සම්මානය හිමිවිය.

කැලණිය විශ්වවිද්‍යාලයේ සිව්වැනි වසර විද්‍යාර්ථියෙකුව සිටිය දී චතුර ප්‍රනාන්දු පිටපත් රචනය කොට අධ්‍යක්ෂණය කළ මෙම කෙටි චිත්‍රපටය පිය පුතු සබඳතාවය පිළිබඳ තමා කළ මනෝවිද්‍යාත්මක අධ්‍යයනයක කලාත්මක එළිදැක්වීමක් බව අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

Jaffna international film festival(2019), Agenda 14 film festival(2019), Pinwood studio London සංවිධානය කරන ඛසඓ Lift off global first-time filmmaker session(2019) යන කෙටි චිත්‍රපට උළෙලවල අවසන් වටයේ නිර්මාණ අතරට ද චතුර ප්‍රනාන්දුගේ ‘One Blood’ කෙටි චිත්‍රපටය නිර්දේශ වී ඇත.

‘One Blood’ සඳහා ශ්‍යාම් ප්‍රනාන්දු, චරින්ද්‍ර චන්ද්‍රසේන, චවිරු පෙරේරා රංගනයෙන් ද, සචිත් බුද්ධික මනම්පේරි, විමුක්ති සෝලංගආරච්චි කැමරාකරණයෙන් ද, විමුක්ති සෝලංගආරච්චි සංස්කරණයෙන් ද, හංස ප්‍රනාන්දු සංගීතයෙන් ද, ලක්ෂිත ජයකොඩි අංග රචනයෙන් ද, කසුන් රජීව කලා අධ්‍යක්ෂණයෙන් ද, ඩිනාලි ලියනගේ තේමා ගීත ගායනයෙන් ද, ශෂික අනුෂාන් නිෂ්පාදන කළමනාකරණයෙන් ද, ප්‍රභාත් අගම්පොඩි නිෂ්පාදන අධීක්ෂණයෙන් ද දායක වෙති.

පෙර ලිපිය පෙන්වන්නප්‍රථම කැබිනට් රැස්වීම 19 දා
ඊළඟ ලිපිය පෙන්වන්නඅලි 27ක් මරු දකී

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ජනපති සජිත්ව ආදර්ශයට ගනී

ජන ගැටලු හඳුනාගෙන නොපමාව විසඳුම් ලබාදීමේ අරමුණෙන් ගමින් ගම චාරිකා කිරීමේ ජනාධිපතිගේ වැඩපිළිවෙළ මෙම සිකුරාදා (25 වැනිදා) හපුතලේ අක්කර 100 ගම්මානයේ, කුමාරතැන්න...

ආචර් පන්දු 02ක් තුල ලකුණු 27ක් රැස් කළ හැටි (Video)

13 වන ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවැත්වූ ක්‍රිකට් තරගයේදී ඊයේ අපුරු සිදුවීමක් වාර්තා විය. ඒ...

අමෙරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 2 ඉක්මවයි

කොවිඩ් -19 හේතුවෙන් මේ වනවිට අමෙරිකාවේ පුද්ගලයින් 200,000 අධික ගණනක් මියගොස් තිබේ. ඒ පිළිබඳ ව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ...

ඉන්ධන හලක් තුළ ත්‍රීරෝද රථයක් ගිනිගනී

වැල්ලවාය - ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හලක, ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ත්‍රීරෝද රථයක් හදිසියේ ම ගිනි ගැනීමකට ලක් වී...

පාඨක අදහස්