31 C
Colombo
Wednesday, September 23, 2020
මුල් පිටුව ගොසිප් දීපා මේතාගේ නවතම සිනමාපටයට නිම්මි හරස්ගම

දීපා මේතාගේ නවතම සිනමාපටයට නිම්මි හරස්ගම

භාරතයේ සම්මානලාභී අධ්‍යක්ෂිකාවක වන දීපා මේතාගේ නවතම සිනමාපටය වන ‘ෆනී බෝයි‘ චිත්‍රපටය සඳහා සම්මානිත ලාංකේය රංගන ශිල්පිනියක වන නිම්මි හරස්ගම රංගනයෙන් දායක වී තිබේ.

ශ්‍රී ලාංකිකයකු වන ෂ්‍යාම් සෙල්වදුරෙයි විසින් රචනා කරන ලද, ‘ෆනී බෝයි‘ කෘතිය ඇසුරින් මෙම සිනමාපටය නිර්මාණය කර තිබේ.

මෙම සිනමාපටය අද (14) දිනයේ කොළඹ දී සීමිත ලාංකිකයන් පිරිසකට ප්‍රදර්ශනය කරන ලදි. පසුව එය ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රේක්ෂකයන්ට නැරඹීමට ඉඩ සැලසෙනු ඇත.

අධ්‍යක්ෂකවරිය මීට පෙරදී ද සල්මන් රුෂ්ඩිගේ ‘මිඩ්නයිට් චිල්රන්‘ කෘතියෙන් 2012 වසරේදී එනමින් සිනමාපටයක් අධ්‍යක්ෂණය කළ අතර, බප්සි සිද්වාගේ ‘ක්‍රැකිං ඉන්දියා“ කෘතිය අනුසරයෙන් ‘අර්ත්‘ සිනමාපටය එළිදැක්වූවාය.

1996 දී දීපා මේතා නිර්මාණය කළ ‘ෆයර්‘ සහ වසර 2005 දී නිර්මාණය කළ ‘වෝටර්‘ චිත්‍රපට ලෝකය පුරා සිනමා ලෝලීන්ගේ සුවිශේෂී අවධානයට යොමු විය. දීපා මේතාගේ සිනමාපට ඔස්කාර් සම්මාන උළෙලටද නිර්දේශ වූ අතර ජාත්‍යන්තර සම්මාන රැසකින්ද පිදුම් ලැබීය.

නිම්මි හරස්ගම ‘ඉර මැදියම’, ‘ආකාස කුසුම්’ වැනි සිනමාපටවලින් කැපීපෙනෙන ප්‍රතිභාවක් පළ කළ රංගන ශිල්පිනියකි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ජනපති සජිත්ව ආදර්ශයට ගනී

ජන ගැටලු හඳුනාගෙන නොපමාව විසඳුම් ලබාදීමේ අරමුණෙන් ගමින් ගම චාරිකා කිරීමේ ජනාධිපතිගේ වැඩපිළිවෙළ මෙම සිකුරාදා (25 වැනිදා) හපුතලේ අක්කර 100 ගම්මානයේ, කුමාරතැන්න...

ආචර් පන්දු 02ක් තුල ලකුණු 27ක් රැස් කළ හැටි (Video)

13 වන ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවැත්වූ ක්‍රිකට් තරගයේදී ඊයේ අපුරු සිදුවීමක් වාර්තා විය. ඒ...

අමෙරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 2 ඉක්මවයි

කොවිඩ් -19 හේතුවෙන් මේ වනවිට අමෙරිකාවේ පුද්ගලයින් 200,000 අධික ගණනක් මියගොස් තිබේ. ඒ පිළිබඳ ව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ...

ඉන්ධන හලක් තුළ ත්‍රීරෝද රථයක් ගිනිගනී

වැල්ලවාය - ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හලක, ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ත්‍රීරෝද රථයක් හදිසියේ ම ගිනි ගැනීමකට ලක් වී...

පාඨක අදහස්