31 C
Colombo
Wednesday, September 23, 2020
මුල් පිටුව දේශපාලන මහින්ද විනාශ කළ ශ්‍රීලනිපයේ ඉතිර අඩ මෛත්‍රී ඉතා නීච ලෙස විනාශ කළා

දශක ගණනාවක් තිස්සේ රටේ තිබූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම විනාශ වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

තම පියා විසින් ගොඩනැගූ, තම මව විසින් ආරක්ෂා කළ, තමා විසින් සංවර්ධනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශයට පත්වීම සම්බන්ධයෙන් අතිශය කණගාටු වන බව හිටපු ජනාධිපතිනිය පවසයි.

ශ්‍රීලනිපය විනාශය කරා ගෙනගියේ මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා බව පෙන්වා දෙන චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය වැඩිදුරටත් පවසන්නේ ‘මහින්ද විසින් සූක්ෂ්ම ලෙස’ විනාශ කළ ශ්‍රීලනිපයේ ඉතිර අඩ ‘මෛත්‍රී විසින් ඉතා නින්දිත හා නීච ලෙස’ විනාශ කළ බවයි.

ශ්‍රීලනිපයේ බහුතරයක් අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළද පොදුජන පෙරමුණ, ශ්‍රීලනිපයේ ප්‍රතිපත්තිවලට හාත්පසින්ම වෙනස් බව ඇය පෙන්වා දෙයි. මේ නිසා සැබෑ ශ්‍රීලනිප පාක්ෂිකයන්ට පොහොට්ටුවට එකතු විය නොහැකි බව ද ඇය පවසන්නීය.

මෙවර පොහොට්ටුව ලබාගත් ඡන්ද ප්‍රමාණය පසුගිය ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රමාණයටත් වඩා අඩු වුවත් ඔවුන්ට තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වී ඇති බවද කුමාරතුංග මහත්මිය පෙන්වා දෙයි. ඊට ප්‍රධානතම හේතුව ජේ.ආර්. ජයවර්ධන මහතා රටට හඳුන්වා දුන් බහුබූත ව්‍යවස්ථාව බව ඇය සඳහන් කරයි. ඊට අමතරව විපක්ෂය දුර්වල වීම ද ආණ්ඩුව තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට හේතු වූ බව හිටපු ජනාධිපතිනිය පැවසුවාය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ජනපති සජිත්ව ආදර්ශයට ගනී

ජන ගැටලු හඳුනාගෙන නොපමාව විසඳුම් ලබාදීමේ අරමුණෙන් ගමින් ගම චාරිකා කිරීමේ ජනාධිපතිගේ වැඩපිළිවෙළ මෙම සිකුරාදා (25 වැනිදා) හපුතලේ අක්කර 100 ගම්මානයේ, කුමාරතැන්න...

ආචර් පන්දු 02ක් තුල ලකුණු 27ක් රැස් කළ හැටි (Video)

13 වන ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවැත්වූ ක්‍රිකට් තරගයේදී ඊයේ අපුරු සිදුවීමක් වාර්තා විය. ඒ...

අමෙරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 2 ඉක්මවයි

කොවිඩ් -19 හේතුවෙන් මේ වනවිට අමෙරිකාවේ පුද්ගලයින් 200,000 අධික ගණනක් මියගොස් තිබේ. ඒ පිළිබඳ ව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ...

ඉන්ධන හලක් තුළ ත්‍රීරෝද රථයක් ගිනිගනී

වැල්ලවාය - ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හලක, ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ත්‍රීරෝද රථයක් හදිසියේ ම ගිනි ගැනීමකට ලක් වී...

පාඨක අදහස්