31 C
Colombo
Wednesday, September 23, 2020
මුල් පිටුව දේශපාලන විදුර අසතුටෙන්.. රාජ්‍ය ඇමතිකම අත්හැරීමේ සූදානමක්

පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගත් විදුර වික්‍රමනායක මහතාද තමන්ට ලැබුණු රාජ්‍ය අමාත්‍ය තනතුර සම්බන්ධයෙන් තෘප්තිමත් නොමැති බව වාර්තා වේ.

කළුතර දිස්ත්‍රික්ක‍යේ පාක්ෂිකයන්ගේ වැඩිම ප්‍රසාදය දිනාගත් තමාට, එම ජනතාවට උපරිම සේවයක් සිදු කිරීම සඳහා කැබිනට් ඇමති තනතුරක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටි බව ඔහු පවසා තිබේ.

ඒ අනුව ඔහුට ලැබුණු ජාතික උරුමයන්, ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය භාර ගන්නේද නැද්ද යන්න පිළිබඳව, සිය පාක්ෂිකයන්ගේ මතය විමසා ඔවුන්ගේ කැමැත්ත පරිදි තීරණය කිරීමට විදුර වික්‍රමනායක මහතා සූදානම් වෙයි.

හෙට දිනයේදී පොදුජන පෙරමුණේ හොරණ මැතිව‍රණ කොට්ඨාශ බල මණ්ඩලය කැඳවා ඇති අතර ඇමති ධුරය භාර ගන්නේද නැද්ද යන්න පිළිබඳව පාක්ෂිකයන්ගෙන් විමසීමට නියමිතය. ඔවුන් දෙන තීන්දුවට හිස නැමීමට තමා සූදානම් බවයි විදුර වික්‍රමනායක මහතා පවසා සිටී.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ජනපති සජිත්ව ආදර්ශයට ගනී

ජන ගැටලු හඳුනාගෙන නොපමාව විසඳුම් ලබාදීමේ අරමුණෙන් ගමින් ගම චාරිකා කිරීමේ ජනාධිපතිගේ වැඩපිළිවෙළ මෙම සිකුරාදා (25 වැනිදා) හපුතලේ අක්කර 100 ගම්මානයේ, කුමාරතැන්න...

ආචර් පන්දු 02ක් තුල ලකුණු 27ක් රැස් කළ හැටි (Video)

13 වන ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවැත්වූ ක්‍රිකට් තරගයේදී ඊයේ අපුරු සිදුවීමක් වාර්තා විය. ඒ...

අමෙරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 2 ඉක්මවයි

කොවිඩ් -19 හේතුවෙන් මේ වනවිට අමෙරිකාවේ පුද්ගලයින් 200,000 අධික ගණනක් මියගොස් තිබේ. ඒ පිළිබඳ ව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ...

ඉන්ධන හලක් තුළ ත්‍රීරෝද රථයක් ගිනිගනී

වැල්ලවාය - ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හලක, ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ත්‍රීරෝද රථයක් හදිසියේ ම ගිනි ගැනීමකට ලක් වී...

පාඨක අදහස්