31 C
Colombo
Tuesday, September 29, 2020
මුල් පිටුව ආර්ථික මේ වසරේ මුල් මාස හයට ආණ්ඩුව මුදල් බිලියන 1220ක් ණය අරන්

වත්මන් ආණ්ඩුව 2020 වසරේ පළමු මාස හය තුළ පමණක් මුදල් මුද්‍රණය කිරීමෙන් රුපියල් බිලියන 1220ක් ශුද්ධ වශයෙන් ණය ලබාගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“දැන් වර්තමාන ආණ්ඩුව මේ අවුරුද්දෙ පළවෙනි මාස හයේ මහබැංකුවෙන් සහ වාණිජ බැංකුවලින් මුදල් මුද්‍රණය කිරීමෙන් ශුද්ධ වශයෙන් අරගෙන තියෙනවා ණය රුපියල් බිලියන 1220ක්. දැන් මොකද්ද මේකෙන් නිර්මාණය වෙන ආර්ථික ඛේදවාචකය ? ඒ ආර්ථික ඛේදවාචකය තමයි සීඝ්ර උද්ධමන රටාවක් නිර්මාණය වෙනවා. ඊයේ දවසෙම නිකුත් වුණු මහබැංකුවේ පර්යේෂකයින්ගේ වාර්තාවකින් කියවෙනවා 2021 – 2022 වෙනකොට උද්ධමන වේගය 22% – 23% අතර වෙනවයි කියලා.

දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට රාජ්‍ය ආදායම 13% සිට මේ වනවිට 8% දක්වා වැටිලා තියෙනවා. උද්ධමනය වැඩිවෙනකොට පිටරටවල් වලින් ණය ගන්නට බැහැ. රුපියල බාල්දු වෙනවා. අපනයන ඉලක්ක සම්පූර්ණ කරගන්නටත් හැකියාවක් නෑ. එවන් තත්වයක් තුළ කොහොමද මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉලක්ක සම්පූර්ණ කරන්නේ ? ණය ඛේදවාචකය. ඉදිරි වසර පහටම අඩුම ගාණේ ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක් වාර්ෂිකව ණය ගෙවන්න සිද්ධ වෙනවා. මේක තමයි ණය ආර්ථික ඛේදවාචකය.

ජාත්‍යන්තර සහ දේශීය මූල්‍ය ආයතන අනුමාන කරනවා මේ වසර තුළ ආර්ථික වර්ධන වේගය සෘණ 6%ක් බවට පත්වෙනවයි කියලා. අද සේවා අංශ කඩාවැටිලා. සංචාරක ක්ෂේත්‍රය කඩා වැටිලා. කොහොමද සෘණ 6ක ආර්ථික වර්ධන වේගයක් තියාගෙන මේ සංවර්ධන ඉලක්ක සම්පූර්ණ කරන්නෙ ? චීනයෙන් පිටට යනවා ආයෝජකයෝ, අපේ රටට වැඩපිළිවෙලක් නෑ ඒ ආයෝජකයෝ අපේ රටට ගෙන්වාගන්න. නමුත් ඉන්දියාවට තියෙනවා. ඒවගේම වර්තමාන රජය හිතනවා මේ ආනයන සීමා කරලා අපේ රටේ ආර්ථිකය ගොඩනඟන්න පුළුවන් කියලා. මේ කෝවිඩ් ප්‍රශ්නය නිසා ලක්ෂ 4කට රැකියා අහිමි වෙලා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ සංවර්ධන යෝජනා ගැන ගැටළුවක් නෑ, නමුත් මේවා ක්‍රියාවට නඟන්නේ කෙසේද ?” යනුවෙන් ඒ මහතා ප්‍රශ්න කළේය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පෙරේදා (21) පැවති ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක්වෙමිනි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

වැරදි ඖෂධ යවා අන්ධ කළ තරුණයාට රු. ලක්‍ෂයක් දෙයි

කොරෝනා සමයේ මීරිගම මූලික රෝහලේ සායනයකින් තැපැල් මගින් නිවසට එවූ ඖෂධයක් හේතුවෙන් පෙනීම අහිමි වූ මීරිගම, වැවහේනේ පදිංචි ලෙනින් නිරෝෂන් නැමති 16...

ජනමත විචාරණයකට අපි සූදානම්

විසි වැනි සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළහොත් ඒ අනුව ක්‍රියා කිරීමට...

විගණන කොමිසම අහෝසි කිරීම රජයේ මුදල් ගඟේ මූදේ දැමීමක්

20න් විගණන කොමිසම ඉවත් කිරීම හේතුකොටගෙන රාජ්‍ය සමාගම් 117ක් ඉවත් වන බවත් ඒ හරහා රුපියල් කෝටි 74,300ක වත්කම් සහිත ආයතන විගණනයෙන් ඉවත්...

පොල් මිල පාලනයට ආණ්ඩුව විහිළු සපයනවා

පොල් මිලදී ගන්න ටේප් පටියක් අරන් පොළේ යන්නැයි ජනතාවට කියමින් පොල් මිල පාලනයට ‘විහිළු’ සපයන්නට ආණ්ඩුව පටන් ගෙන තිබෙනවා. ඉදිරියටත් ටේප් පටි...

පාඨක අදහස්