31 C
Colombo
Wednesday, September 23, 2020
මුල් පිටුව ක්‍රීඩා බ්‍රාවෝ විස්සයි20 කඩුලු 500ක් දවාගත් ලොව පළමු වැන්නා වෙයි

බ්‍රාවෝ විස්සයි20 කඩුලු 500ක් දවාගත් ලොව පළමු වැන්නා වෙයි

විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු 500 ක් දවාගත් ලොව පළමු පන්දු යවන්නා බවට පත්වීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩ්වයින් බ්‍රාවෝ ඊයේ (26 වැනිදා) සමත්විය.

ට්‍රින්බාගෝ නයිට්ස් රයිඩර්ස් වෙනුවෙන් තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන 36 හැවිරිදි බ්‍රාවෝ, කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ට්‍රිනිඩෑඩ්හිදී ඊයේ පැවැති තරගයකදී ශාන්ත ලුසියා සෝක්ස් පිලේ රකීම් කෝන්වේල් දවාගනිමින් මෙම දස්කම කිරීමට සමත්විය.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කිරීමට පෙර රොස්ටන් චේස් දවාගත් බ්‍රාවෝ සිය 501 වැනි කඩුල්ලද දවාගැනිමට සමත්විය.

“එය විශිෂ්ට ගමනක්, මගේ කණ්ඩායමේ සියලුම සාමාජිකයින්ට ස්තූති කිරීමට මට අවශ්‍යයි. මම ලොව පුරා ක්‍රීඩා කරන සියලුම කණ්ඩායම් වලට ස්තූති කරනවා” යැයි බ්‍රාවෝ ස්ටාර් ස්පෝර්ට්ස් වෙත පැවසීය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 40 කට ක්‍රීඩාකර ඇති බ්‍රවෝ අවසන් ටෙස්ට් තරඟයට 2010 දී සහභාගීවූ අතර එක්දින තරග 164 කට ක්‍රීඩා කර ඇති ඔහු අවසන් වරට 2014 දී ක්‍රීඩාකර ඇත.

කෙසේ වෙතත්, ඔහු 2012 සහ 2016 දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජයගත් විස්සයි 20 ලෝක කුසලාන තරගාවලි දෙකෙහිදී ජයග්‍රාහී කණ්ඩායම නියෝජනය කර ඇත.

කණ්ඩායම් 20 කට වැඩි සංඛ්‍යාවක ක්‍රීඩාකර ඇති ඇති බ්‍රාවෝ, ක්‍රිකට් ක්‍රීඩාවේ කෙටිම ආකෘතියෙන් කඩුලු 300 සහ 400 ක් ලබාගත් පළමු පන්දු යවන්නාද විය.

ලසිත් මාලිංග (390), සුනිල් නරේන් (383), ඉම්රාන් තාහීර් (374), සොහෙල් තන්වීර් (356), සකීබ් අල් හසන් (354) මේ වනවිට බ්‍රාවෝට පසුපසින් සිටින විස්සයි20 වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නෝ වෙති.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ජනපති සජිත්ව ආදර්ශයට ගනී

ජන ගැටලු හඳුනාගෙන නොපමාව විසඳුම් ලබාදීමේ අරමුණෙන් ගමින් ගම චාරිකා කිරීමේ ජනාධිපතිගේ වැඩපිළිවෙළ මෙම සිකුරාදා (25 වැනිදා) හපුතලේ අක්කර 100 ගම්මානයේ, කුමාරතැන්න...

ආචර් පන්දු 02ක් තුල ලකුණු 27ක් රැස් කළ හැටි (Video)

13 වන ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවැත්වූ ක්‍රිකට් තරගයේදී ඊයේ අපුරු සිදුවීමක් වාර්තා විය. ඒ...

අමෙරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 2 ඉක්මවයි

කොවිඩ් -19 හේතුවෙන් මේ වනවිට අමෙරිකාවේ පුද්ගලයින් 200,000 අධික ගණනක් මියගොස් තිබේ. ඒ පිළිබඳ ව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ...

ඉන්ධන හලක් තුළ ත්‍රීරෝද රථයක් ගිනිගනී

වැල්ලවාය - ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හලක, ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ත්‍රීරෝද රථයක් හදිසියේ ම ගිනි ගැනීමකට ලක් වී...

පාඨක අදහස්